මංත්‍රීගෙන් සමාව නොගත්ත පොලිස් පොඩ්ඩාට දුර ඈතට මාරුවක්.

0

පසුගිය දවසක සංචරණ සීමා තදින්ම තිබියදී ජයවර්ධනපුරේ පැත්තෙ පාරෙ ඇවිදගෙන ගිය එක්තරා පුද්ගලයෙක් පොලීසියට මා ට්ටු වුණා…

චෙක් පොයින්ට් එකේ හිටපු රාළහාමි මේ තැනැත්තගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. එතන වුණු දෙබස මෙහෙමයි.“මහත්තයා වරදක් නේද කළේ.. කොහොමද මේ සංචරණ ත හනම් කරල තිබෙද්දි ඇවිදින්නෙ…”“ඇයි බැරි අපිට අවසර තියෙනවා…”

“කෝ අවසර පත්‍රය”

ඉන් පසු එම තැනැත්තා හැඳුනුම්පතක් පෙන්වීය. එවිට පොලිස් නිලධරයා එය අවසර පතක් නොවන බව කීය. ඊට පසු සැර සංවාදයක් ගියේය.

“ත මු සෙ දන්නවද මම කවුද කියල..”“කවුරු වුණත් ප්‍රශ්නයක් නැහැ. මම කරන්නෙ රාජකාරිය”“අයි ෂෙ මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. නම….. (නම කියයි)”

“මන්ත්‍රී කෙනෙක් නම් ආරක්ෂක නිලධාරී එක්ක එන්න තිබුණනේ. මෙහෙම එන්නෙ නැහැනෙ” කියමින් පොලිස් නිලධරයා මන්ත්‍රීවරයා යැයි කියාගත් තැනැත්තා සමඟ වා ද කරන්නට විය.

අවසානයේ බලවත් සේ කෝ ප යට පත් මන්ත්‍රීවරයා පළාතේ ඉහළම පොලිස් නිලධරයාට කතා කොට මෙම නිලධරයා තමන්ට ස ම ච්චල් කළ බැවින් ඔහු තමාගෙන් සමාව ගත යුතු යැයි කීය. කෙසේ හෝ උසස් පොලිස් නිලධාරී අණින් මන්ත්‍රීවරයාට නිදහස ලබාදුන් පොලිස් නිලධරයා තමන් සේවය කරන පොලිස් ස්ථානයට ගිය විට ඔහුට මන්ත්‍රීතුමාගෙන් සමාව ගන්නා ලෙස උසස් නිලධරයා නියම කළේය. නමුත් තමන් වරදක් නොකර සමාව ගත නොහැකි බව තරයේ කියන්නට ඔහුට කොන්දක් තිබිණි.

එහෙත් මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් සමාව ගත යුතුම යැයි දැඩි බ ලපෑම් එ ල්ල වූ විට රාළහාමි වෙනුවට පොලීසියේ ප්‍රධානියා මන්ත්‍රීවරයා හමුවී ක න ගාටුව ප්‍රකාශ කළේය.

නීතිගරුක පොලිස් පොඩ්ඩාට ඉන් දින කිහිපයකට පසු ඈත පොලීසියකට මාරුවීමක් ලැබිණි. අපි ඔහුට සැලියුට් කරමු.මේ වික්‍රමය කළ මන්ත්‍රීවරයා වත්මන් රජයේ (චිට්) මන්ත්‍රී කෙනෙකි. උන්නැහේ පත්වුණේ ආණ්ඩු පක්ෂයෙනි.

තමන් විශාරදයෙක් යැයි කියන මොහුගේ නම මේ දිනවල නිතර මාධ්‍යයේ කියැවෙයි. ඔහුගේ නම පටන් ගන්නේද හමාර වන්නේද එකම අකුරකිනි.

( DESHAYA GOSSIP )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here