සඳුන් වීරක්කොඩිට කොවිඩ්..ජේෂ්ඨ සංචිතයේ 13 ම නිරෝධායනයට

0

වමත් වමත් පිතිකරු සඳුන් වීරක්කොඩි කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිටි ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සංචිතයම නිරෝධායනය කර තිබේ.කෙසේ වෙතත් මෙම සංචිතයේ සිටම සියලුම ක්‍රීඩකයන්ට හෙට තවත් පී.සී.ආර් පරීක්ෂණ කිරීමට සූදානම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරුන් පවසන්නේ මේ වන විට සංචිත ගතකර සිටින ක්‍රීඩකයන් හැට හතර දෙනාගෙන් බහුතරයකට කොරෝනා නිවාරණ යන්නට දී ඇති බැවින් ක්‍රීඩකයන්ගේ පිස්සියක් වාර්තා සෘණාත්මක වන්නේ නම් බිය වීමට කාරණාවක් නැති බවයි.

සදුන් වීරක්කොඩි ඇතුළු ජේෂ්ඨ සංචිතයේ ක්‍රීඩකයෝ පස්දෙනෙක් මුහුණ තරගයකට සහභාගීවීම සඳහා ඊයේ සවස දඹුල්ල ගියහ ගියද එම ක්‍රීඩකයන් අද පෙරවරුවේ තරගයට සහභාගි වීමට සූදානම්ව සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ වීම පමා වී තිබේ.

මේ අතරවාරයේ එම ක්‍රීඩකයින්ගේ පී.සී.ආර් වාර්ථා ලැබීමත් සමඟම ඔවුන් තරගයට සහභාගි කරවීම පවසා තිබේ.

සදුන් වීරක්කොඩි කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා රජයේ සෞඛ්‍ය නීති රීති අනුව ගිලන් රථයකින් ඔහුව ගෙන ගොස් තිබේ.කොළඹින් ගිය සෙසු ක්‍රීඩකයින් සිව්දෙනා වන අශාන් ප්‍රියන්ජන්,අන්ජලෝ පෙරේරා සහ අසේල ගුණරත්න සහ චතුරංග ද සිල්වා එම බස් රියෙන්ම ආපහු කොළඹ ආපහු කොළඹට එවා ඇති බවද වාර්තා වේ.

මෙම ක්‍රීඩකයින් නැවතත් ජේෂ්ඨ සංචිතයටම එකතු කෙරෙනු ඇත.

ජේෂ්ඨ සංචිතයේ ක්‍රීඩකයෝ වන්නේ,

ඩිල්ශාන් මුණවීර,සඳුන් වීරක්කොඩි,අන්ජලෝ පෙරේරා,අශාන් ප්‍රියන්ජන්,රොෂේන් සිල්වා,අසේල ගුණරත්න,චතුරංග ද සිල්වා,ලහිරු මධුසංඛ,මිලින්ද සිරිවර්ධන,ලහිරු ගමගේ,ජෙෆ්‍රි වැන්ඩසේ,ප්‍රභාත් ජයසුරිය මාලින්ද පුෂ්පකුමාර සහ භානුක රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here