සැමියා පොලිසියේ කූරු ගනිද්දී බැංකුවෙ සල්ලිත් අරන් බිරිය වෙන ලෝකයකට ගිහින්

0

ක සිප්පු ජා වාරම නිසා සිය බිරිඳත් අහිමි කර ගත් සැමියකු පිළිබඳව එක්තරා ගමකින් වාර්තා වේ.ඔහු ක සිප්පු ජා වාරම ජයටම සිදු කර ගෙන යන පුද්ගලයකි. තැ බෑ රුම්වලට මුදල් වියදම් කිරීමට නොහැකි බොහෝ දෙනා ඔහුගේ පිහිට පතති. ණයට වුවද ක සිප්පු ඕනෑම වෙලාවක ලබාගත හැකි නිසා ඔහු පිළිබඳව පොලිසියට පවා ඔ ත්තු ගියේ කලාතුරකිනි.

පිටට හොඳ පුද්ගලයකු වූවත් ඔහු ගෙදරට ය ක කු මෙන්ය. ඔහුගේ මෙම හැසිරීම් නිසා ඔහුගේ බිරිය සිටියේද දැඩි ක න ස්සලෙනි. රූමත් කාන්තාවක වූ ඇය පිළිබඳව ඔහු උජාරු වූවත් දැඩි ආදරය හා ක සිප්පු පානය නිසා ඇයට ඔහු නී රසම විය.

එහෙත් ඇය ඔහු සමග යුග ජීවිතය ගත කළේ ගත යුතු වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති කම හා ඔහු ඇයට ගෙදරින් පිටට යාමට නොදෙන හෙයිනි. අඩුම තරමේ සිය මහා ගෙදරට වත් ඇයට යාමට ඔහු ත හංචි දමා ඇත්තේ ඇය වෙනත් පුද්ගලයකු හා සම්බන්ධයක් ඇති කර ගනීවි යැයි සැකයෙනි.

සැමියාගෙන් ක සිප්පු පානය කිරීමට පැමිණි කලින් විවාහ වී දි ක්කසාද  පුද්ගලයකු සමග ඇය සැමියාට හොරෙන් සම්බන්ධයක් ගොඩ නගා ගෙන ඇත්තේ සිය කසාදය නාමික කසාදයක් පමණක් වූ බැවිනි.

මේ අතර දිනක් ඔහු බලාපොරොත්තු නොවූ අවස්ථාවක ක සිප්පු සමග පොලිසියට හසුව තිබේ. තමන්ට ඇප ලබා දීමට හා දඩය ගෙවීමට උසාවියට යාමට සුදුසු පුද්ගලයකු නොවූ අතර බිරිය ඔහු බැලීමට පොලිසියට පැමිණි අතර ඔහු ඇයට බැංකු කාඩ් පත ලබා දී උසාවියට පැමිණ ඇප දී දඩය ගෙවන ලෙස කියා ඇත.

ඔහු පොලිසිය තුළ ගත කළේද සිය බිරිඳ තනියෙන් නිවස තුළ නිසා දැඩි නොස න්සුන්තාවයෙනි. මේ අතර බිරිඳ මොහුගෙන් ගැලවීමට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට කල්පනා කර සැමියාගේ දුරකථනයෙන්ම සිය අලු‍ත් අ නියම් පුද්ගලයා ඇමතු ඇය කාරණය පවසා තිබේ.

උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා දී දඩ මුදල ගෙවා ඇත්තේ වෙනත් පුද්ගලයකු බව දැක ඔහු බිරිය කොහෙදැයි කල්පනා කර තිබේ.උසාවියට පැමිණීමට ඇති බි  නිසා ඇය නොපැමිණියා විය හැකි යයි සිතූ ඔහු නිවෙසට ගොස් තිබේ.

බිරිය නිවස තුළද දක්නට නොවූ ඔහු දෙවියන් සිහිවී හැම තැනම සොයද්දී ඇය විසින් ලියූ ලියුමක් හමුව තිබේ. එයින් කියවී ඇත්තේ කොතරම් කීවද ක සි ප්පු විකිණීම නතර නොකරන නිසාත් ඇයත් ගැහැනියක් නිසා නාමික කසාදයට ඇය සුදුසු නොවන බවය.

තමන් වෙනත් පුද්ගලයකු සමග දුර පළාතකට යන බවත් වන්දිය ලෙස බැංකුවේ සියලු‍ම මුදල් තමන් ලබා ගන්නා බවත් අවශ්‍ය දඩ මුදල පමණක් එයින් ගෙවන බවය. තමන් එදා සිට මේ දක්වා හම්බ කළ ක සිප්පු මුදල් බැංකුවේ බවත් පොලිසිය තුළදී දඩ මුදල් ගෙවීමට ඇයට එම කාඩ්පත ලබා දුන් බව මතක් වෙද්දී ඔහුට හීන් දහඩිය දමා ඇත.

ගි නි වතුර මිනිස්සුන්ට පොවා හම්බ කරන සල්ලි යා දෙන්නේ නැති බව කිහිප අවස්ථාවක තමන් වෙත ක සි ප්පු බීමට පැමිණෙන පුද්ගලයන්ගේ බිරින්දෑවරුන් කී හැටි ඔහුට මතක් වී කරන්නේ කුමක් දැයි කල්පනා කරමින් ඔහු එම ගමෙන් පිටව ගොස් ඇත්තේ ගේ දොර ඉඩ කඩම් ගැන පවා නොසිතමිනි.

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම – ලංකාදීප )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here