මගේ අම්ම,තාත්ත,යාලුව ඔක්කොම මගේ මහත්තය දැන් මම තනිවෙලා

0

28 හැවිරිදි සිය පුතුට පහර දී ඝා ත නය කළ මව පියා ඇතුළු එකම පවුලේ සිව්දෙනෙකු හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම අ වාසනාවන්ත සිද්ධියෙන් මි ය ගිය තරුණයාගේ බිරිඳ සහ සිඟිති දියණියන් දෙදෙනාට මේ වන විට කිසිදු පිහිටක් නොමැති තත්ත්වයක් උදා වී තිබේ.

හසලක 7 ඇළ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සුනිල් නිශ්ශංක අවුරුදු 3ක් සහ සති 3ක් වයසැති සිඟිති දියණියන් දෙදෙනෙකුගේ පියෙකි.

සුනිල් සිය දරු පවුල සමඟ ඔහුගේ මව්පියන්ට අයත් නිවසේ පිටුපස කුඩා කාමරයක ජීවත්විය.

ස්ථිර රැකියාවක් නොතිබූ සුනිල් සිය දරු පවුල ජීවත් කරවූයේ කුලී වැඩ කරමිනි.

පවුලේ ආ රවුලක් දුරදිග යාමෙන් සුනිල්ගේ පියා සහ සුනිල්ගේ නැගණියගේ සැමියා පසුගිය අඟහරුවාදා රාත්‍රියේ තම ස්වාමියාට පො ලු වලින් ප හ රදුන් බව සුනිල්ගේ බිරිඳ පවසයි.

“බත් බෙදලා විනාඩි 5ක් වත් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ග හනවා. මහත්තයා දුවගෙන යාවා. නංගිගේ මහත්තයා පො ල්ල ක් අරන් පස්සෙන් පන්නනවා. මම යද්දි මහත්තයා පාර අයිනේ වැ ටිලා. මම යද්දි නංගිගේ මහත්තයායි තාත්තයි දෙන්නම ග හ නවා පො ලු දෙකකින්.

මම වැන්දා ඒ අයියගේ කකුල් දෙක අල්ලගෙන මගේ මහත්තයාට ග හ න්න එපා කියලා. මාව ප යි න් තල්ලු කරලා කිව්වා මට කරන්න දෙයක් නෑ මගේ ගෙදරට ඇවිල්ලා මට ඉන්න දෙන්නේ නෑ ඒකයි ග හ න්නේ කියලා ගැ හු වා. බේරන්න බැරිම තැන මම ලොකු බබාව අරන් එතනට ගියා.මෙයා කෑ ගහලා ඇ ඬුවා සීයේ,“සීය ද අපේ තාත්තට ග හ න්නේ“ කියලා. තාත්තා පො ල්ල අරගත්තේ මටයි දරුවටයි.

නංගි මාව ඇදගෙන ඇවිල්ලා ගෙදර දාලා දොර වැහුවා. උඩහ අක්කා කෙනෙක් ඇවිල්ලා දොර අරිනකොට මගේ මහත්තයාට හොඳටම ග හ ලා ඉවරයි. මහත්තයා අන්තිමට ඉල්ලුවේ වතුර. “ 

ඇය පොලිස් හදිසි ඇමතුම් ඒකකයට කළ දැනුම් දීමෙන් පසු හසලක පොලීසිය පැමිණ සුනිල් හසලක රෝහලට ඇතුළත් කර තිබුණි.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සුනිල් බදුල්ල මහ රෝහලට ඇතුළත් කළත් ඔහු ජීවිතෙන් සමුගෙන තිබුණි.

සුනිල්ගේ ම ර ණයත් සමග ඔහුගේ බිරිඳ සිඟිති දියණියන් දෙදෙනා සමඟ පත්ව ඇත්තේ අන්ත අ සරණ තත්ත්වයකටය.

“මට කවුරුත් නෑ. මගේ සහෝදරයා මගේ යාළුවා මගේ මහත්තයා තමයි. මගේ අම්මා තාත්තත් මගේ මහත්තයා. බබා හම්බවෙලා ඉන්න කොට ඔක්කෝම කරේ මගේ මහත්තයා. අද මට කවුරුත් නෑ. මමයි මගේ දරුවෝ දෙන්නයි විතරයි අ සරණ වුණේ.“ 

මව්පියන් විසින් සිය පුතු ම රා දැමීමෙන් පසු සුනිල්ගේ දේහය තැන්පත් කිරීමට ද සිදුව ඇත්තේ ගම්මානයේ පිහිටි ප්‍රජා ශාලාව තුළය.

එම සිද්ධියට වි රෝධය පළකරමින් ප්‍රදේශවාසින් ප්‍රජා ශාලාව ඉදිරිපිට නිහඬ වි රෝධතාවයක නිරතවිය.

මි ය ගිය සුනිල්ගේ මව පියා සහ නැගණිය මෙන්ම ඇගේ ස්වාමි පුරුෂයා හසලක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහියංගනය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here