බියගම ඇඟලූම් කම්හලකින් ඇසෙන අමුතු කතාවක්

0

අමාලි මාතර ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 26 කි.පාසල් අධ්‍යාපනය නතර කර දැමූ ඇය ඇඟලූම් කර්මාන්තශාලාවක රැකියාවක් කළාය. ඇඟලූම් ක්ෂේත‍්‍රයේ වසර කිහිපයක පළපුරුද්දක් ඇයට තිබුණි.

වසර ගණනක පළපුරුද්දත් සමඟ ඉහළ වැටුපකට බියගම ප‍්‍රදේශයේ ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවයට ඇය පැමිණියාය. ඒ දැනට මාස කිහිපයකට ඉහතදීය. එලෙස පැමිණි ඇයගේ පළමු මිතුරිය බවට පත්වූයේ නදීකාය.

නදිකා වසර කිහිපයක සිටම එම ඇඟලූම් කර්මාන්ත ශාලාවෙහි සේවය කළාය. ඇය විවාහක කාන්තාවකි. වයස 32 කි. දෙදරු මවකි.

sති කිහිපයක් ගත වෙද්දී දෙදෙනාගේ මිත‍්‍රත්වය ඉතා දැඩි වූහ. එ අනුව නදීකා සහ අමාලි පවුලේ තොරතුරුවලට අමතරව තම තමන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කරගත්හ. දෙදෙනාගේ මිත‍්‍රත්වය ඒ තරම් දැ ඩි වූහ. එම ඇඟලූම් කම්හලේ අනෙක් සේවක සේවිකාවන්ද ඒ පිළිබඳව දැන ගත්හ.

නදීකාගේ ළමයි දෙදෙනා පවා අමාලිට දැ ඩි සෙනෙහසක් දැක්වූහ. දිනපතාම පාහේ අමාලි දුරකථනයෙන් එම ළමයින්ගේ දුක සැප සොයා බැලූවාය. ඇය නිවාඩු දිනයන් හිදී එම ළමයි බැලීමට ගියේ තෑගි බෝග ද රැගෙනයි.

නදීකා ද එලෙසමය. ලද සෑම මොහොතකම ඇය සිටියේ අමාලි සමග දුක සැප බෙදා ගනිමින්ය. තම ස්වාමි පුරුෂයාටත් නොකී දෑ පවා ඇය අමාලිට පවසා තිබුණි. විවේක දිනයන්හි දෙදෙනා විනෝද ගමන් පවා ගොස් තිබුණහ.

පසුගිය සතියේ දිනක කවුරුත් නොසිතූ මොහොතක දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූහ. ඒ පෞද්ගලික ආ ර වුලක් හේතුවෙනි. හේතුව කුමක්ද යන්න කිසිවෙකු නොදනී.

එදින සවස් වන විට බහින්බස් වීම ර ණ්ඩුවක් දක්වා දුරදිග ගොස් තිබුණි. සේවය නිම කළ එළියට පැමිණි ඔවුන් දෙදෙනා කිසිවෙක් නොසිතූ ලෙස බැ ණ ගත්තේ ඉතාමත් ප හ ත් ආකාරයටයි. දෙදෙනා අතර තිබුණු මිත‍්‍රත්වය මත කිසිදිනෙක මෙලෙස හැසිරෙතැයි කිසිවකුත් නොසිතූහ.

දෙදෙනාගේ ර ණ්ඩු ව අනෙක් සේවක සේවිකාවන්ට මහත් ගැ ටලූවක් වූහ. ඔවුහු ඒ පිළිබඳව සොයා බැලූහ. එහෙත් කුමන හේතුවක් නිසා ඔවුන් දෙදෙනා ර ණ්ඩු  ස රු වල් වූවාද යන්න කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වූහ.

පෙරදින අඹ යහළුවන් සේ සිටි දෙදෙනා පසු දින සිටියේ හතුරන් දෙදෙනකු මෙන්ය. වැරදීමකින්වත් එකිනෙකාගේ මුහුණවත් බලා ගැනීමට තරම්වත් ඔවුන් උත්සුක නොවීය. එතැන් පටන් ඔවුන් හැසිරුණේ ආත්මීය ගත වෛ රක්කා රයින් ලෙසින්ය.

”මට කරපු දේට මම ඒකිගෙන් ප ළි ගන්නවා. කවදාවත් සමාවක් දෙන්නෙ නෑ. ඒකි දන්නෙ නෑ මම කවුද කියලා. මම ඕකිට මතක හිටින පාඩමක් උගන්වලා තමයි නතර වෙන්නෙ.” අමාලි නිතරම එලෙස සිතුවාය. දින සති ගණන් ඇය කල්පනා කළේ තම යෙහෙළියගෙන් ප ළි ගන්නා ආකාරයයි. ඒ අනුව දිනක් ඇය මෙලෙස සිතුවාය.

”නදීගේ නි රු වත් පින්තූර වගයක් මගෙ ළඟ තියෙනවානෙ. මම ව්‍ යාජ ෆේස්බුක් ගිණුමක් හදලා එයාගේ නමින්ම ඒ පින්තූර ටික දානවා. ෆෝන් නම්බර් එකත් දානවා. දාලා හම්බ වෙන්න ඕන නම් මට කෝල් කරන්නත් කියලා කියනවා. එතකොට හරිනෙ. රටම දැනගනීවි එයාගේ හැටි.”

”පොලිසි ගියත් මට ප‍්‍රශ්නයක් නෑ. ඒක හැදුවේ මම කියලා කවුරුත් දන්නෙ නැහැනෙ. ඕ කි ගෙන් ප ළි ගන්න නම් කරන්න ඕන ඔය වැඬේ තමයි. එතකොට ඕකි දැනගනීවි මම කවුද කියලා.”

නදීගෙන් ප ළි ගැනීම සඳහා එලෙස සිදුකරන බව ඇය තරයේම සිතා ගත්තාය. ඒ අනුව ඇය නදීගේ නමින් ව්‍ යාජ ෆේස්බුක් ගිණුමක් සාදා තම ජංගම දුරකතනයේ තිබූ ඇයගේ නි රු වත් පින්තූර කිහිපයක් එයට එකතු කළාය. එතනින් නොනැවතුණු ඇය තමන් සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට කැමති නම් පහත අංකයට අමතන ලෙස දන්නවා නදීගේ ජංගම දුරකථන අංකය ද එක් කළාය.

පැය කිහිපයක් ගත වූ පසු නදීගේ නි රු වත් පිංතූර සහිත ෆේස්බුක් ගිණුම අන්තර්ජාලයෙන් විශාල පිරිසක් දැක තිබුණහ. ඉන්පසු එම පුද්ගලයන් නදීගේ ජංගම දුරකථනයට නොකඩවා දුරකථන ඇමතුම් ලබා දෙන්නට පටන් ගත්හ.

ලැබෙන විශාල ඇමතුම් ප‍්‍රමාණය නිසා එක්වරම ඇයට කිසිවක් සිතාගැනීමට නොහැකි වූවාය. එම ඇමතුම් ලබා දෙන පුද්ගලයින් සියලූ දෙනාම පාහේ පැවසුවේ ඇය සමග යහ න්ගත වීමට කැමති බවයි. මද වේලාවක් ගත වූ පසු තමන් අ පහසුතාවයට පත් කිරීමට කිසියම් දෙයක් සිදු කර ඇතැයි ඇයට අවබෝධ වූවාය. පසුව ඇය ඒ පිළිබඳ විපරම් කළ බැලූවාය. එහි දී දැනගන්නට ලැබුණේ තමාගේ නි රු ත් පිංතූර යොදා ව්‍ යාජ ෆේස්බුක් ගිණුමක් සාදා ඇති බවත් එහි තමාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර ඇති බවත්ය.

තමන්ට මෙවැනි දෙයක් සිදු කළේ කවුරුන්ද යන්න ඇයට එක් වරම සිතා ගැනීමට නොහැකි වූවාය. වැ ල හින්නක් මෙන් අ ඬ මින් තමන්ට සමාජයට මුහුණ දීමට නොහැකි අයුරින් මෙවැනි සා හ සික අප රා ධයක් සිදු කළේ කවුරුන්ද යන්න ඇය දස අතේ කල්පනා කළාය. අවසානයේ ඇයට සිහි වූයේ තමාගේ නි රු වත් පිංතූර තිබුණේ අමාලිගේ ජංගම දුරකථනයේ බවයි. ව්‍ යාජ ෆේස්බුක් ගිණුම සෑදීම සඳහා භාවිත කර තිබුණේ එම පින්තූරයි.

ස්ථිර වශයෙන්ම තමන් සමග තිබූ ත ර හට අමාලි මෙම අප රා ධය සිදු කරන්නට ඇති බව ඇයට අවබෝධ වූවාය. ඒ අනුව ඇය පොලීසියට ගොස් තමන්ට සිදු වූ අ සාධාරණය පිළිබඳව අමාලිට විරුද්ධව පැමිණිල්ලක් දැමුවාය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු අමාලිව අත්අඩංගුවට ගත්හ. එලෙස අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීමේදී ”නදීකා සමග ඇතිවූ වි ර සකයට ප ළි ගැනීමක් වශයෙන් ඇයගේ නි රු ත් පිංතූර සහ ජංගම දුරකථන අංකය දමා ව්‍ යාජ ෆේස්බුක් ගිණුමක් සෑදු බව” පැවසුවාය. ඒ අනුව අමාලිට වි රුද්ධව නීතිය ක‍්‍රියාත්මක කිරීමට එම පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

නදීකාගේ නි රු වත් පිංතූර අමාලි ලබාගෙන තිබුණේ ඔවුන් මිතුරු වී සිටි කාලය තුළදීය. එලෙස ඔවුන් නි රු වත් පිංතූර ළඟ තබාගෙන සිදු කළේ කුමක්ද යන්න දන්නෙ ඔවුන් දෙදෙනාම පමණි.

( ගයාන් සමරසිංහ – DIVAINA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here