මවගේ දෑසට ​පෙනි පෙනී සීයා සමග කොස්ගොඩ ගඟේ නොපෙනී ගිය පුංචි නිවුන් සහෝදරයෝ

0

කොස්ගොඩ, දූවේමෝදර ගගේ ගි ලී කුඩා දරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ සීයා පෙරේදා (10 වැනිදා) දහවල් අතුරුදන් වී තිබෙන අතර කොස්ගොඩ පොලිසියේ මෙහෙයවීමෙන් නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් විසින් එදින (10 වැනිදා) සවස 4.00 ට පමණ ඔවුන් තිදෙනා සොයා ගනු ලැබූහ. එම අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනාගේ නා ඩි වැටෙන බව පවසමින් ඔවුන්ගේ ඥාතීන් පිරිසක් විසින් දරුවන් දෙදෙනා බළපිටිය මූලික රෝහල වෙත ගෙන යෑමට පියවර ගත්හ.

දරුවන් දෙදෙනා බළපිටිය රෝහලට ගෙන යෑමෙන් පසුව වෛද්‍යවරුන් රැසක් එකතුව ඔවුන්ට ප්‍රතිකාර කරන ලද අතර එදිනම (10 වැනිදා) ප.ව 6.00 ට පමණ දරුවන් දෙදෙනා ද මි ය ගොස් තිබෙන බව බළපිටිය මූලික රෝහල මගින් තහවුරු කෙරිණ. මේ සම්බන්ධයෙන් රෝහල් අධිකාරි වෛද්‍ය චන්දන රත්නසිරිගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ රෝහලට රැගෙන එන විටත් දරුවන් දෙදෙනා මි ය ගොස් සිටි බවයි.

මෙසේ දියේ ගි ලී මි ය ගියේ මෙන්ඩිස් (62) සසිත තත්සිදු කන්දඋඩ (06) සහ සමිත තත්සිදු කන්දඋඩ (06) යන තිදෙනාය. නිවුන් සොහොයුරන් දෙදෙනෙකු වන මෙම දරුවන් දෙදෙනා ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ 01 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට ඇත.

දරුවන්ගේ මව කොස්ගොඩ, නාපේ ප්‍රදේශයේ බවත් ගාල්ල, දඩල්ලේ පදිංචිව සිටින ඔවුන් සිකුරාදා (09දා) සිය නිවෙස වෙත පැමිණ ඇති බවත් කොස්ගොඩ පොලිසිය කියයි. එසේ පැමිණ පෙරේදා (10 වැනිදා) පෙරවරුවේ දරුවන් දෙදෙනා සිය, සීයා (මවගේ පියා) සමග කොස්ගොඩ ගඟේ දිය නෑමට ගොස් මෙම අ නතුරට පත්ව තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

දරුවන්ගේ මව සහ මි ය ගිය දරුවන්ගේ සීයාගේ සහෝදරයා ද ගං ඉවුරේ සිට ඇති අතර ඔවුන් ද සිද්ධිය සියසින් දැක ඇත. ඔවුන් දෙදෙනා ද දරුවන් බේරා ගැනීම සඳහා ගඟට පැන ඇති අතර තත්ත්වය අ වදානම් වූ හෙයින් දෙදෙනා එකතුව නැවත ගං ඉවුරුට පැමිණ තිබේ.

සීයා මුණුපුරන් දෙදෙනා ද සමග ඔරුවකින් ගගේ මදක් දුරට ගොස් ඔරුව අල්ලාගෙන දිය නාමින් සිට ඇති අතර ඔරුව පෙරළීමෙන් මෙම අ නතුර සිදුව තිබෙන බව කොස්ගොඩ පොලිසිය කියයි. සීයා දරුවන්ට ආරක්ෂාව සලසමින් දරුවන්ට දිය නෑමට සලස්වා ඇති බවත් ඔරුව පෙරළීමෙන් පසු සීයාගේ ග්‍ රහණයෙන්ද දරුවන් මිදී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඔහු දරුවන් බේරා ගැනීමට දැරූ උත්සාහයේදී ඔහුද දියේ ගිලී මි ය ගොස් තිබෙන බව කොස්ගොඩ පොලිසිය කියයි.

දරුවන්ගේ මව සහ පියා ඇතුළු විශාල පිරිසක් සිරුරු ගොඩ ගන්නා අවස්ථාවේ හ ඬා වැ ලපෙමින් ගං ඉවුරේ රැඳි උන්හ.

අ නතුරින් මි ය ගිය දරුවන්ගේ සහ සීයාගේ හදිසි ම රණ පරීක්ෂණය පෙරේදා (10 වැනිදා) සවස සිද්ධිය වූ ස්ථානයේදී සහ ඊයේ (11 වැනිදා) බළපිටිය මූලික රෝහලේදී ඉඳුරුව හදිසි ම රණ පරීක්ෂක පරාක්‍රම අකුරැටියගම මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් ම රණ පරීක්ෂණයක් පවත්වන ලෙසට ඔහු විසින් බළපිටිය මූලික රෝහලට දැනුම් දී තිබේ. බළපිටිය මූලික රෝහලේදී එම මෘ ත දේහයන් සම්බන්ධයෙන් පීසිආර් පරීක්ෂණයක් සිදු කරන බවත් එයින් පසුව පශ්චාත් ම රණ පරීක්ෂණය පවත්වන බවත් බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් අ තුරුදන්වූවන් සොයා ගැනීමෙන් පසු ගං ඉවුරේම හදිසි ම රණ පරීක්ෂණය පැවැත්වීමට කොස්ගොඩ පොලිසිය සැලසුම් කර තිබිණි. ඒ වන විටත් හදිසි ම රණ පරික්ෂකවරයාද සිද්ධිය වූ ස්ථානයට පැමිණෙමින් සිට ඇත. නමුත් දරුවන්ගේ ඥාතීන් ප්‍රකාශ කරන්නේ දරුවන් සොයා ගත් සැණින් රෝහල් ගත කළේ නම් ඔවුන් බේරා ගැනීමට හැකියාව තිබුණ බවයි. ඒ නිසාම කොස්ගොඩ පොලිසියට යම් වි රෝධතාවක්ද ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වී තිබේ.

දරුවන් දියේ ගිලුණ බවට කොස්ගොඩ පොලිසියට 119 හරහා ඇමතුම ලැබී ඇත්තේ පෙරේදා (10දා) ප.ව 1.12 ටය. දරුවන් ගොඩගනු ලැබූයේ එදින ප.ව 4.00 ටය. පැය 03 කට ආසන්න කාලයක් දියේ ගිලී සිටි අයෙකු ජීවත්ව සිටීමට හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් විමසූ විට බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංගල ද සොයිසා, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.කේ. වීරරත්න, පොලිස් සැරයන් පියතිලක (32674) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here