94 වියැති විභාග අපේක්ෂිකාව ත්‍රිපිටක විභාගයෙන් ඉහළින් සමත් වෙයි.

0

ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පවත්වනු ලබන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිටි 94 හැවිරිදි සිවුදරු මවක් ඉන් ඉහළින්ම සමත්ව තිබේ.

විතානගේ ඇස්ලින් ලීලාවතී ධර්මරත්න නමැති ඇය පසුගිය පෙබරවාරි මස 06 දින මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලයේදී අදාළ විභාගයට පෙනී සිටි අතර ප්‍රථම, මධ්‍යම හා අවසාන යන විභාගවලින් ඇයට ගෞරව සමාර්ථ හිමිව ඇත. මෙම ප්‍රතිඵලයත් සමග ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටියි.

අනු හතර වැනි වියට එළැඹ තිබුණ ද ඇය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයනු ලැබුවේ උපැස් යුවළක් හෝ නොපැළඳය.දියණියන් සිවු දෙනකුගේ මවක වන ඇය දරුවන්ගේ දරුවන්ද දැකීමට වාසනාව ලබාගෙන ඇත.

විවාහ වී හත් වසකට පසු සැමියා ම රණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දී තම දියණියන් සිවුදෙනාම උපාධිධාරීන් වන තෙක් අධ්‍යාපනය ලබා දෙන්නට සමත් වූ ලීලාවතී මහත්මියගේ එකම අරමුණ මි ය යන්නට පෙර ශාස්ත්‍රපති උපාධිය සමත් වීමයි

ජාත්‍යන්තර වශයෙන් සැලකීමේදී වයෝවෘද්ධව සිටියදී පිළිගත් විභාගයකට පෙනී සිට සමත්වූ පුද්ගලයන් අතර තම මව මුල් දස දෙනා අතර සිටින බව ද ඇගේ දියණියක වන ඉන්දු නීලා ජයලත් මහත්මිය කීවාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here