උද්ඝෝෂණ මර්දනය මගේ පිළිවෙත නොවේ – ජනපති ගෝඨාභය රාජපක්ෂ

0

මහමග උද් ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම ම ර්දනය කිරීමේ අදහසින් කෙරෙන ක්රියාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘අරුණ’පුවත්පතට විශේෂ ප්රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.

මේ තීරණාත්මක මොහොතේ වෛද්යවරුන්ගේත්, ඒ පිළිබඳ විශේෂඥයන්ගේත් නිර්දේශ අනුව රජය ක්රියාවට නගන නිරෝධායන නීතිවලට අනුගත නොවී, ජනතාව ඒකරාශී කරමින් කටයුතු කරන්නේ ජනතා අවශ්යතාවක් වෙනුවෙන් නොවන බව ජනාධිපතිවරයා ප්රකාශ කරයි.

මංගල්ය හා අ වමංගල්යය කටයුතු වැනි අතිශය මානුෂික හා අත්යාවශ්ය කාරණාවලදී ද ජනතාව ඒකරාශීවීම සීමා කර ඇති අතර, වෙසක් උත්සවය, පාස්කු උත්සවය බඳු ආගමික උත්සවයකටවත් ඒකරාශී වීමට ඉඩ ලබා දී නැත්තේ ජනතාව ම ර්දනය කිරීමට දැයි ප්රශ්න කරන ජනාධිපතිවරයා මහමග පෙළපාළි යෑමට, උද් ඝෝෂණයට ඉඩදිය හැකි නම් එහි සාධාරණයක් නොමැති බව ද පෙන්වා දෙයි. එසේම උ ද්ඝෝෂණය කිරීම ජනතා අයිතියක් බව තමා ඉහළින්ම පිළිගන්නා බවත්, ඒ සඳහා ජනාධිපති කාර්යාලය අසලම ස්ථානයක් වෙන්කර පහසුකම් සපයා දුන් එකම ජනාධිපති තමා බවත් හෙතෙම පවසා සිටී.

මේ වසංගත මොහොතේ එතැනට ගොස් උ ද්ඝෝෂණ නොකර රටපුරා උද් ඝෝෂණ කරන්නේ වෙනත් අරමුණකින් බව ජනාධිපතිවරයාගේ අදහසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද කීය. පසුගිය යහපාලන රජය සමයේ උද් ඝෝෂකයන්ට හැමදාමත් ප හ ර දුන්නා. හම්බන්තොට වරාය විකිණීමට එ රෙහිව තිබුණු උද් ඝෝෂණය වාර්තා කරන්න ගිය මාධ්යවේදීන්ගේ ක න් පැළුවා. මොනරාගල තිබුණ ගොවි උද් ඝෝෂණවලට කොළඹින් වතුර බවුසර ගෙනිහින් ගැ හු වේ. ඒ දවස්වල පත්තරවල පළ වුණා ක ඳුළු ගෑස් ගෙන්වන්න මිලියන ගණන් වියදම් කළ බව. අද ඒ ජල බවුසර් මල කඩ කාලා.

අද උද් ඝෝෂකයන්ට කඳුළු ගෑස්, වතුර, බැටන් චාජ් කරන්නේ නෑ’’ එන්නත්කරණය අගෝස්තු අවසානය වන විට ප්රශස්ත මට්ටමකින් සපුරාලනවා. ඒ සමගම රට විවෘත කරන බවද මා ප්රකාශ කර තිබෙනවා. තතු එසේ තිබියදීත් ගෙවුණු ධුර කාලයේ උද් ඝෝෂණ, පෙළපාළි ගැන මා ක්රියාකර ඇති ආකාරය ගැන අවබෝධයක්ද වෘත්තිය සංගම්වලට තිබියදීත් ඔවුන් මේ මොහොතේ උද් ඝෝෂණය කරන්නේ රට විවෘත කිරීම ප්රමාද කර ගැනීමටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here