දෙසිය පනහේ බේසමක් දී විසිඅටදාහේ රෙදි සෝදන යන්ත්‍රය අරන් ගිහින්

0

පරණ බඩු එකතුකරමින් ගමින් ගමට යන තැනැත්තෙක් රුපියල් 28,000 ක් වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් රුපියල් 250 ක් වටිනා ප්ලාස්ටික් බේසමක් දී රැගෙන යෑමේ පුවතක් කුරුණෑගලට නුදුරු ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ.

ප්‍රදේශයෙහි පදිංචි ගුරු යුවළක් රෙදි සෝදන යන්ත්‍රයක් මිලදී ගෙන ඇත්තේ මාස හයකට පමණ පෙරය. මිලදී ගත් දින සිටම යන්ත්‍රය ලෙ ඩදීම දෙදෙනාටම ක ර දරයක් විය. කිහිප විටක්ම අලුත්වැඩියා කළද වැඩක් නොවීය.

මෙයින් දැඩි ලෙස කෝ පයට පත්ව සිටියේ ගුරු මහතාට වඩා ගුරු මහත්මියයි. ඇයගේ ඇඳුම් සේදීම හැමදාම වගේ අ වුල් විය. ඔය අතරවාරයේ පරණ බඩු එකතු කරමින් යන තැනැත්තකුගේ හඬ ගම පුරා ඇසෙන්නට විය. ‘‘පරණ බඩුවලට අලුත් බඩු දෙනවා පරණ බඩු මාරු කරනවා’ යනුවෙන් කෑ ග සමින් කුඩා ලොරියක බඩු රැසක් පටවාගෙන යන තැනැත්තෙක් මෙම නිවස ආසන්නයට පැමිණ කෑ ග සන හඬ ද අසන්නට ලැබිණි.

ගුරු නෝනා ද හනික ගොස් ඔහුට අඬගැසුවාය. ‘‘රෙදි සෝදන යන්ත්‍රය වැඩ කරන්නේ නැහැ, මේක මාරු කරලා දෙන්න බැරිද? නැත්නම් සල්ලි දෙන්න බැරිද?’’ ඔහුගෙන් විමසුවාය. ගුරු මහතා ද ගෙදර සිටියේ නැත.

‘‘කෝ බලන්න’’ කියමින් නිවසට ආ තැනැත්තා ‘‘අයියෝ මේක හොඳටම අබලන්වෙලා. හදන්න නම් බැහැ. පරණ බඩුවලට තමයි ගන්න වෙන්නේ’’ යැයි කියමින් ආපසු ලොරියට ගොස් රුපියල් 250 ක් පමණ වටිනා ලොකු බේසමක් ගෙනැවිත් තබා රෙදි සෝදන යන්ත්‍රය උස්සාගෙන ගියේය.

‘‘මේක වැඩක් නැහැ නෝනා! පරණ බඩුවලට තමයි‘’ යන ගමන් ඔහු කියාගෙන ද ගියේය. ගුරු නෝනා අන්දුන් කුන්දුන්ව බලා සිටියාය. සවස ගුරු මහතා නිවසට පැමිණෙන විට රෙදි සෝදන යන්ත්‍රය තිබූ තැන ප්ලාස්ටික් බේසමක් තිබෙනු දැක ඒ ගැන විමසීය.

බිරිඳ කියූ දෙයින් ඔහුට ය කා නැග්ගේය. ‘‘රුපියල් විසිඅටදහසකට ගෙනාපු යන්ත්‍රයට රුපියල් 250 ක් වටිනා බේසමක්ද, මදැයි මේ කිගේ මොළේ!’’ ගුරු මහතාගේ කෑ ගැ සීම කොතෙක් දුර ගියාද කිවහොත් නෝනා ඊළඟ දින නැවතුනේ තම මහ ගෙදරය.

ජේ. එම්. මහරුප් – අලව්ව (අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here