නූතන පටාචාරාවක් හිසට සෙවණක් ඉල්ලයි.

0

‘‘මගේ මහත්තයා බ ල්ලෙ ක් හ පලා ලෙඩ වෙලා මැ රුණා. ලොකු පුතා වකුගඩු රෝගය හැදිලා නැති වුණා. තව පුතෙක් වැලිඔයදී වෙඩි වැදිලා මැ රුණා.දුවෙක් පපුවේ අමා රුව හැදිලා මැ රුණා.එක පුතයි ඉතිරි වුණේ. ඒ දු ක් උහුල ගන්න බැරිව එයත් අවුරුදු දෙකක් තිස්සේ මුල්ලේරියාව රෝහලේ ඉඳලා දැන් මා ළඟ ඉන්නවා.

මම හිටියේ දිඹුලාගල නැගෙනහිර මනම්පිටිය කනත්ත අසල පැල්පතක් අටවාගෙන. අපි එද්දි ඒ පැල්පත ග රා වැටිලා. අනේ, බුදු බව අත්වෙයි. අපිට ඉන්න ඒ පැල්පත හදලා දෙන්න’’ රෝග කිහිපයකින් පෙළෙන තම 49 වියැති පුතුගේ අතේ එල්ලී යන එන මං නොමැතිව සිටින 84 වියැති ඩබ්ලිව්.ජී. සෝමාවතී එලෙස තම දු ක්ගැ නවිල්ල ඉදිරිපත් කළාය.

ඇය මීට වසර දෙකකට පමණ ඉහතදී තම රෝගී පුතු සමග දිඹුලාගල නැගෙනහිර මනම්පිටිය සුසානභූමිය අසල කුඩා පැල්පතක විවිධ බා ධක මැද පදිංචිව සිටියාය. පුතුගේ මා නසික රෝගී තත්ත්වය නිසා ඔහු මුල්ලේරියාව රෝහලේ නතර කර ඇය වැලිකන්ද මඟුල්පොකුණ ගම්මානයේ මුණුපුරය අසල ජීවත් වූවාය.

නිසි සැලකිලි නොලැබෙන නිසා තමන් රෝගී පුතු සමග නැගෙනහිර මනම්පිටිය සුසානභූමිය අසල ගරා වැටුණ පැල්පත අසලට පැමිණ තමන්ගේත්, පුතුගේත් ජීවිතය ගැටගසා ගැනීමට පැල්පත ස්ථිරව ඉදිකර දෙන ලෙස ඉල්ලීමක් කරන්නීය.

ගම්මානයේ අසල්වාසීන් ලබාදෙන ආහාරවලින් ජීවිතය සරිකර ගන්නා මේ අසරණ රෝගී මව සහ පුතු වෙනුවෙන් යමක් ඔබට කළ හැකි නම් එය උතුම් පින්කමකි.

ජීවිතයේ මුහුණපාන සෑම දුක්  ක රදරයකටම මුහුණ පා ඇති මේ වයෝවෘද්ධ මාතාවත්, රෝගී පුතුත් ඉල්ලා සිටින්නේ ජීවත් වීමට නිවහනක් සේම කුසගින්නට ආහාරයක් පමණි.

බොහෝ විට නැගෙනහිර මනම්පිටිය ශ්‍රී සුවිශුද්ධාරාධිපති අලුත්වැව සේනාලංකාර නාහිමියන්ගෙන් දහවල ආහාරවේල සපුරා ගන්නා මේ අසරණ මවත්, පුතුත් සැබැවින්ම අන්ත අසරණ වී හමාරය. ඔබේ පිහිට රැකවරණය එම දෙපළට අවැසි කාලයයි මේ.

නිමල් ජයරත්න-මනම්පිටිය ( අරුණ )

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here