110 වැනි උපන් දිනය සමරන්නට මග බලන අම්මා.

0

එළැඹෙන අගෝස්තු 20 සිය 110 වැනි උපන් දිනය සැමරීමට අපෙක්ෂාවෙන් සිටින සයදරු මවක් ගි නිගත්හේන රම්පාදෙණිය ග්‍රාමසේවා වසමේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටියි.

1912.08.20 දින අරනායක ප්‍රදේශයේ උපත ලද මනන්රාළලාගේ ජේන් නෝනා නමැති ඇය 16 වැනි වියේදී විවාහ වී ඇත. සැමියා මි ය යාමෙන් පසු ජේන් නෝනා ගි නිගත්හේන ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබේ.

පුතුන් තිදෙනෙකු සහ දියණියන් තිදෙනෙකුගේ මවක් වන ජේන් නෝනා මාතාවගේ පුතුන් තිදෙනා 88, 78, 75 යන වයස්වල පසුවෙති. දියණියන් තිදෙනා 70, 67, 64 යන වයස්වල පසුවෙති.

ජේන් නෝනා මාතාව ඇගේ සිව්වැනි දරුවා වන දියණිය භාරයේ ගි නිගත්හේන නිවසේ රැඳී සිටී.

මහළු මව රැක බලා ගන්නා දියණිය වන නන්දාවතී පවසන්නේ තම මව තමන්ට හැකි උපරිම ආකාරයෙන් රැක බලා ගන්නා බවයි.

තමන් පදිංචිව සිටින නිවස දැඩි අ බලන් තත්ත්වයේ පවතින බවත්, මව නිදා සිටින කාමරය මතට නිවසේ බිත්ති කිහිපයක් ක ඩා වැ ටුණද මවට ඉන් කිසිඳු හා නියක් සිදු නොවු බවත් නන්දාවතී පැවසුවාය.

කථන ආ බා-ධයෙන් සහ සුළු අසනිප තත්ත්ව-යකින් පමණක් පසුවන තම මව දැඩි ආර්ථික අ පසුතා මැද්දේ රැක බලා ගන්නා බවත් නන්දාවතී කීවාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here