වරකා කැඩීමට ගිය සිසුවා ඇළට වැටී ම රුට.

0

වරකා ගෙඩියක් කැඩීමට ගිය දාහතර හැවිරිදි දරුවෙක් අසල තිබූ ඇළකට වැටීමෙන් මි ය යෑමේ පුවතක් පෙරේදා (13 වැනිදා) සවස හුංගම දෙනිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

වරකා කෑමට ආශාවක් දැක් වූ දරුවා ගසේ ඉදී තිබූ වරකා ගෙඩිය කැඩීමට උස ප්‍රමාණවත් නොවන නිසා ප්ලාස්ටික පුටුවක් තබා එහි නැග ලීයක් ආධාරයෙන් වරකා ගෙඩිය කැඩීමට උත්සාහ දැරීමේ දී පුටුව කැඩී වරකා ගස අසල පිහිටි ඇළට දරුවා වැ ටීමෙන් මි ය ගොස් සිටි බව හුංගම පොලිසිය පවසයි.

මෙසේ මි ය ගොස් ඇත්තේ නෝනගම පලුගස්වල පදිංචි කේ.ජී නිමේෂ් ලක්ෂිත චතුරංග (14) පාසල් සිසුවෙකි.

සිය මවගේ මවට අසනීප හෙයින් ආච්චිලාගේ ගෙදරට මව සමග ගිය අවස්ථාවේ දී මෙම අ වාසනාවන්ත ඉරණමට මල්ලී ලක් වී ඇති බව මි ය ගිය සිසුවාගේ වැඩිමහල් සහෝදරිය වන නිමේෂා හර්ෂණී කීවාය.

ඇළට වැටී තිබූ සිසුවාගේ සි රුර තංගල්ල මූලික රෝහල වෙත පස්වරුවේම ගෙන ගොස් ඇති අතර හුංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරති.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here