බිරියගේ කෝල් දෙකට සැමියාට ‘ලක්ෂයක්’ නැතිවෙලා.

0

ජංගම දුරකතනය කනේ තබා ගෙන කතා බහ කරමින් ත්‍රීරෝද රථය පදවා ගෙන යාමේ වරදට දඩ කොළයක් ලබා දුන් අවස්ථාවේ දී රුපියල් පනස් පන් දහසක් වටිනා නවීන ජංගම දුරකතන දෙකම ක ඩා දමා හා නි සිදු කර ගත් ත්‍රීරෝද රථ රියැදුරෙකු පිළිබඳ පුවතක් පසුගියදා මාතර නගරයෙන් වාර්තා විය.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියැදුරුට දුරකතන ඇමතුම ලබා දී තිබුණේ සිය බිරිය විසිනි. රිය පදවමින් ඔහු ඊට ප්‍රතිචාර දක්වද්දී  මාතර උයන්වත්ත ක්‍රීඩාංගණය ඉදිරිපිට දී පොලිසියෙන් නතර කළේය.

ඒ සමගම කේ න්තියට පත් රියදුරා ඇමතුම විසන්ධි නොකර ජංගම දුරකතනය තම කකුල මත තබා අත් දෙකෙන් එය දෙකට ක ඩා කුඩු කර තිබුණේය.

මේ අතර ඔහුගේ කලිසම් සාක්කුවේ තිබු අනෙක් ජංගම දුරකතනය ද නාද විය. එය ද බිරියගෙනි. එවිට කේ න්තිය තවත් වැඩි විය. ඒ අතරතුර දී පොලීසිය දඩ පත්‍රිකාව ලියමින් සිටියේය.

දුරකතනය ද පෙර පරිදිම ඔහු ක ඩා බිද දැමුවේය.රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු දෙස නො රොක් බැල්මක් හෙළා මෙසේ ඇසූහ.

“අපිත් එක්ක කේ න්තියට ද ජංගම දුරකතන ක ඩා දැමුවේ ? “නෑ සර් ගමනක් යද්දී කොච්චර එපා කිව්වත් කිහිප වතාවක්ම කෝල් කරනවා. කලිනුත් කෝල් දුන්නම, සැරින් සැරේ ගන්න එපා කීවා. ඒත් අහන්නේ නෑ’’ ඔහු උත්තර දුන්නේය.

“බිරිය සමග අ මනාපයක් තියේ දැයි” ඇසූ පොලිසිය ඇසුවේ කිසියම් අනුකම්පා සහගත අයුරෙනි.“අපෝ නෑ. එහෙම එකක් නෑ” ඔහු පිළිතුරු දුන්නේ දඩ කොළය අතට ගනිමිනි.

“සර් මේ දඩය කීය ද ? ඔහු ඇසූ විට පොලිසිය එය දහසක් බව පැවසීය.“අපරාදේ සර් මගේ රුපියල් පනස් පන්දහසක් වටිනා ජංගම දුරකතන දෙක කියමින් ත්‍රීරෝද රථ රියැදුරු එම ස්ථානයෙන් නික්ම ගොස් තිබුණේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here