වෙබ් අඩවිවල විකිණෙන කාන්තාවෝ විසිහත්දාහක්

0

අ සභ්‍ය වෙබ් අඩවිවල ලියාපදිංචි වී ලිං ගික කටයුතු සඳහා අලෙවි වන කාන්තාවන් 27,000ක් පමණ මෙරට සිටින බව විශේෂ පොලිස් විමර්ශනයකදී හෙළිදරව් වී ඇතැයි වාර්තා වේ.

මෙම කාන්තාවන් බහුතරය ග ණිකා වෘත්තියේ යෙදෙන්නියන් බවද වැඩිදුරටත් සඳහන්ය.

එසේම විවිධ රාජ්‍ය හා පෞද්ගලික වෘත්තීන්වල යෙදෙමින් තාවකාලිකව දිනකට පැය කිහිපයක් පමණ එම කටයුතුවල නිරත වන පිරිස් ඇතැයිද හඳුනාගෙන තිබේ.

මෙම කාන්තාවන්ගෙන් බහුතරය කොළඹ හා බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල පදිංචිකාරිණියෝ වෙති.

මේ අය අතර ලාබාල තරුණ තරුණියන්ගේ සිට වයස අවුරුදු 40-45 අතර කාන්තාවෝද සිටිති.

මෙවැනි අ සභ්‍ය වෙබ් අඩවි නිසා විවිධ අ පචාර කටයුතු සිදුවන බැවින් ඒවා නීතියෙන් තහනම් කිරීම සඳහා අවශ්‍ය අණපනත් ගෙන ඒමට රජය නීති අංශවලට උපදෙස් දී තිබේ.

පොලීසියේ විශේෂ විමර්ශන ඒකක 8ක් මෙම වෙබ් අඩවි අධීක්ෂණයට කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here