නයිලෝන් නූලෙන් ආ ම රුවා මවත් සිඟිති පුතාත් ඩැහැ ගනී

0

කැඩිගිය සරුංගලයක නයිලොන් නුලක් ධාවනය වූ යතුරු පැදියක පැටලි එහි ගමන් ගත් මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවකු මි ය ගොස්  යතුරුපැදිය පැදවු පියා සහ හය හැවිරිදි දරුවකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රත්ගම පොලීසිය පවසයි.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බුස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදාකදවුර අසලදි මෙම අ නතුර වි ඇත. කැඩිගිය සරුංගලයේ නයිලොන් නුල පාර හරහා තිබි ඇති අතර එය යතුරුපැදිකරු එය අතින් අල්ලා ඉවත්කිරිමට යාමේ දි යතුරුපැදිය පාලනය කරගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරලිගොස් ඇති බව පොලීස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිද සමග ත මව්පියන් බැලිම සදහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන්කරමින් සිටියදි මෙකි අ නතුරට ලක්ව ඇත.

මෙම අ නතුරෙන් සුදසිංහලියනගේ මේනකා ප්‍රසාදනි (34) අ නතුර වු ස්ථානයේදිම මි ය ගොස් ඇති අතර වයස අවුරුදු එකයි මාස 06ක් වියැති හින්දෙනියගේ අනුක රන්දුල නැමති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මි ය ගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here