ඔංචිල්ලාවට සිරවී නව හැවිරිදි දැරියට දිවි අහිමි වෙයි.

0

ඌව පරණගම මැතිවරණ කොට්ඨාසයේ කහටතලාව ගම්මානයේ නිවසක් ඇතුළත ගැට ගසා තිබූ ඔංචිල්ලාවක් පැදීමේදී එයට ගෙල සිරවීමෙන් මි ය ගියේ යැයි සැ ක කෙරෙන නව හැවිරිදි දැරියකගේ සිරුරක් හමුව තිබේ.

මෙසේ මි ය ගොස් ඇත්තේ යහලඅරාව දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන එස්. කේ. නන්දනී නමැති දැරියකි. සිද්ධිය සිදුව ඇත්තේ 16 දා පස්වරුවේය.

දැරියගේ මව වන ක්‍රිෂ්ණ කුමාරි සහ දැරියගේ පියා වන ශාන්ත කුමාර් නමැති අය කුලී වැඩ කරමින් දිවි ගෙවති. ඔවුන්ට මෙම දැරියට අමතරව තමිල් චරම් නමැති තවත් කුඩා පිරිමි දරුවෙකුද සිටී.

මි ය ගිය දැරිය සහ ඇගේ කුඩා සොහොයුරා නිවස තුළ රඳවා දැරියගේ මව සහ පියා දෛනික වැඩ කටයුතු සඳහා නිවසින් බැහැරට ගොස් තිබේ.

දෛනික වැඩ නිම කර දැරියගේ මව 16 දා පස්වරුවේ 4 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේදී ඔංචිල්ලාවේ මෙම දැරිය එතී සිට ඇති අතර එම අවස්ථාවේදීම දැරිය වැලිමඩ මූලික රෝහලට ගෙන ගොස් ඇතත් ඒ වන විටත් දැරිය මි ය ගොස් සිට ඇත.

මූලික පොලිස් පරික්ෂණවලදී දැරිය ඔංචිල්ලාවේ ගෙ ල සි රවී මි ය යන්නට ඇතැයි සැ ක කෙරේ. මේ වන විට දැරියගේ දේහය අධිකරණ වෛද්‍ය පරික්ෂණයක් සඳහා බදුල්ල මහ රෝහල වෙත යවා තිබේ.

සිද්ධිය පිළිබඳව ඌව පරණගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

ප්‍රේමලාල් රත්නායක – වැලිමඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here