ඔන්ලයින් පන්ති යන්න ස්මාර්ට් දුරකතනයක් නැතිව සිසුවෙක් ජීවිතයෙන් සමුගනී.

0

නොවන් යළිත් මෙවන් වි පත් දෙමාපියනි දරුවන් ගැන විමසිල්ල වැඩි කරන්න – දරුවනි ක ලබලවී තීරණ ගන්න එපා

මාර්ගගත අධ්‍යාපනය ලැබීමට සුදුසු ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැතිව වාරියපොල ප‍්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු සිය නිවසේදීම සිය දිවි අහිමි කර ගැනීමේ පුවතක් වාරියපොළ පොලිස් බල ප‍්‍රදේශයේ වාර්තා වේ.

වාරියපොල ප‍්‍රදේශයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබු කවිඳු දිල්හාන් කේෂර විජේරත්න (16) සිසුවා පසුගියදා ඔහුගේ කාමරයේදී සිය දිවි අහිමි කරගෙන තිබෙන බව වාරියපොල පොලිසිය සදහන් කළේය.

වැඩිමල් සොයුරෙක් සහ බාල සොයුරියක් සිටින කවිඳු පවුලේ දෙවැනි දරුවා වන අතර මෙදින, දෙමාපියන් වත්තේ වැඩක නිරත වී ආපසු නිවසට පැමිණි කවිඳු දරුවාට කතාකළත් ඔහුගෙන් පිළිතුරක් නොලද නිසා කාමරයේ දොර විවර කර බැලීමේදී සිය දි වි හා නි කරගෙන සිටි කවිඳු දුටු බව පොලිසියට පැවසූ බවත් අනතුරුව කුරුණෑගල පළාත් මහ රෝහලට දරුවා රැගෙන ගිය බවත් වාරියපොල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තලවත්ත මහතා පැවසීය.

මාර්ගත අධ්‍යාපනය සදහා අවශ්‍ය ජංගම දුරකථන පහසුකම් නොමැතිවීම දරුවාගේ මෙම සිදුවීමට හේතුව බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බවත් ම රණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

කුරුණෑගල පළාත් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එච්.පී.කේ.විජේවීර මහතා විසින් සිදුකළ ම රණ පරීක්ෂණයේදී සිසුවාගේ ගෙ ල සි ර වීමෙන් සිදුවු ම රණයක් බවට තහවුරුවී ඇත.

එළවිටිගම හදිසි ම රණ පරීක්ෂක පේ‍්‍රම පුෂ්ප හේරත් මහතා විසින් ම රණ පරීක්ෂණය සිදුකරන ලදී.

Online1

ආර්. එම්. ඩබ්ලිව්. බණ්ඩාර කුරුණෑගල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here