කොරෝනා නිසා ගෙදර අය වෙච්ච ණය ගෙවන්න රිෂාඩ්ගේ ගෙදර ගිහින් ජීවිතෙන් වන්දි ගෙවූ ඉෂාලිනී.

0

රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට තම 15 හැවිරිදි දියණිය යැවීමට සිදුවූයේ තමා ලබාගෙන තිබූ ණය ගෙවාගැනීමට වෙනත් ක්‍රමයක් නොතිබූ නිසා බව එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පි ළි ස්සී මි ය ගිය ජේ. ඉෂාලිනී නැමති දැරියගේ මව වන රාජමානික්කම් රංජනී මහත්මිය පැවසුවාය.

එම නිවසේ දී විවිධ හි රි හැර සිදුවන නිසා එහි සිටීමට නොහැකි බව දියණිය දුරකතනයෙන් පැවසූ බවත් ඇගේ ම රණය සැ ක සහිත බවත් ඇය සඳහන් කළාය.

හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය ඉකුත් නොවැම්බරයේ සිට රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙ කාර සේවයට ගොස් ඇත්තේ තැරැව්කරුවකු මාර්ගයෙනි.

තම දියණියගේ ම රණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරගැනීම සඳහා මැදිහත් වන ලෙස මි ය ගිය දැරියගේ මව්පියන්  මහනුවර මානව හිම්කම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා ගෙන් ඉල්ලීමක් කළ අතර එම කාර්යාලයට පැමිණිල්ලක් ද කළහ.

ඉන් අනතුරුව ඔවුහු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූහ.

ගැහැනු දරුවන් පස් දෙනකු හා එක් පිරිමි දරුවකුගෙන් යුත් පවුලේ සිටින පවුලේ තෙවැන්නා බවත් රුපියල් 25,000 ක මාසික වැටුපකට ඇය පිටත් කර හැරියත් ඔවුන් ලබා දුන්නේ රුපියල් 20,000 ක මුදලක් පමණක් මෙහිදී සඳහන් විය. මෙහිදී ඇගේ මව මෙසේ ද පැවසුවාය.

“කොරෝනා කාලයේ මගේ මහත්තයාට සහ පුතාට වැඩ තිබුණේ නැති නිසා ජීවත්වෙන්න තැන් තැන්වලට ණයවෙන්න සිදුවුණා. දුව මෙහෙ කාර සේවයට එක්කගෙන ගිය කෙනාගෙනුත් රත්තරන් බඩුවක් තියලා රුපියල් තිස් දහස් ගණනක් අරන් තිබුණා. එයා අපේ නිවසට ඇවිත් ඔයාට අවුරුදු 13ක සහ දෙකක පොඩි ළමයි ඉන්න නිසා අම්මා ගෙදරින් ගියොත් ඒ ළමයි පවු ලොකු දුවල දෙන්නගෙන් කෙනෙක් ගෙදරක සේවයට එවන්න කිව්වා.

ඒ වෙලාවේ ඉෂාලිනී දුව යන්න කැමති වුණා. මිදුලට ඇවිත් මිනිස්සු ණය ඉල්ලල කෑ ගහන නිසා මම යන්නම් කිව්වා. අයියට විතරක් ණය ගෙවන්න අමාරුයි. මම ගිහින් මේ ණය ටික බේරන්නම් කීවා.

duwa670

duwa1

duwa5

duwa3

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here