වසර 21කට පසු ඥාතීන්ට මුණගැසුණු පුද්ගලයා දින දෙකකට පසු අවසන් ගමන් යයි

0

වසර විසි එකක් අ තු රුදහන්ව සිට පසුව මුහුණු පොතේ පළ වු ජායාරූපයක් ඔස්සේ පවුලේ සමාජිකයනට මුණගැසුණු තම පියා දින දෙකකට පසු  මි ය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.

බාරකරුවකු නොමැතිව කාදාන ආනියකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටියදී එහි හෙදියක මුහුණු පොතේ පළ කල ජායාරූපයක් ඔස්සේ කේ.ජි. පියසේන නැමති එම පුද්ගලයා ඉකුත් 19 දා ඔහුගේ බිරිඳ සහ දරුවන් හඳුනා ගත්හ.

එම පවුලේ සාමාජිකයන් පියසේන නැමැත්තා රැගෙන ගොස් මාතලේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර තිබේ.

පාදයෙහි විශාල තු වාලයක් සහිතව ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි එම පුද්ගලයා නිසි මතක තත්ත්වයක නොමැත්තෙකු බව ද පැවසේ.

එසේ සිටියදී ඉකුත් 21දා එම පුද්ගලයාව මාතලේ රෝහලේ සිට රත්තොට රෝහලවෙත මාරු කර එවීමෙන් පසු එදිනම ඔහු ජී විතක්ෂයට පත් වු බව ඔහුගේ පවුලේ සමාජකයකු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here