මුහුණු පොතෙන් හාද වී පහළොවේ දැරිය සතිදෙකක් අඹුකමට තියාගෙන

0

මුහුණු පොතෙන් මිතුරු වී 15 හැවිරිදි බා ල ව යස්කාර දැරියක් පැ හැර ගෙන ගොස් සති දෙකක කාලයක් ලිං ගික අප යෝ ජනයට ලක් කිරීමේ වරදට මොරටුමුල්ල පොලිසිය විසින් තරුණයෙකුව පෙරේදා (24 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ සඳහා ආධාර අනුබල දීමේ වරදට සැකකරුගේ පියාවද අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරළවැල්ල ජනප්‍රිය මාවත පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකු සහ 48 හැවිරිදි පුද්ගලයෙකු වේ.

මෙම දැරියගේ මව වසර 13ක සිට විදේශ රැකියාවක නිරතව සිටින අතර පියා තදින් ම ත්ද්‍ රව්‍යවලට ඇ බ්බැහිව සිට දැරිය කුඩාකලම නිවස අතහැර ගොස් ඇත.

දැරිය ඇයගේ මිත්තණිය සමග මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර පසුගියදා (04 වැනිදා) මෙම දැරිය නිවසින් අ තු රුදන් වී ඇතැයි මිත්තණිය පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව මොරටුමුල්ල පොලිසියේ අ පරාධ අංශයේ ස්ථානාධිපති වික්‍රමපාල ඇතුළු නිලධාරීන් සී.සී.ටී.වී දර්ශන උපයෝගි කරගෙන විමර්ශන කිරීමෙන් පසු දැරියගේ ජංගම දුරකථන අංක ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා මෙම දැරිය සිටින ස්ථානය සොයාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here