13 වසරේ සිසුවා පාඩම් කරද්දී සිව්මහලෙන් වැ ටී ම රුට.

0

කෑගල්ල ශාන්ත මරියා මහ විද්‍යාලයේ 13 වසරේ සිසුවකු අඩි 40 උස සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලින් බිමට වැ ටී මි ය ගිය බව මාවනැල්ල පොලිසිය පවසයි.

කෑගල්ල ශාන්ත මරියා මහ විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුවා මාවනැල්ල නව කොළඹ පාරේ මහෙස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ තම මව හා නැගණිය සමග පදිංචිව සිටියේය.

ඔහු ඉදිරියේ එන උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටිය අයෙකි. පාසල් නොපැවෙත්වෙන නිසා නිවසේ පැත්තක ඇති ආරක්ෂිත කෙටි තාප්පය මත වාඩිවී පාඩම් කර ඇත.

පියා මි ය ගොස් ඇති අතර මව විසින් පෞද්ගලික උපකාරක පංති කර ලැබෙන මුදලින් ජීවත් වී ඇත. පසුගිය 24 දා අලුයම 1 1/2 පමණ මවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂිත රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරින්ට කිසියම් දෙයක් බිමට වැ ටෙන ශබ්දයක් ඇසී ඇත.

ඒ අනුව වැ ටුන දේ ගැන සොයා බැලීමේදී අධිකරණ භුමිය අයිනේ ඇති ගොඩනැගිල්ල අසල කෙ ඳිරි ගාමින් බිම වැ ටී සිටි මෙම තරුණයා හමුව ඇත.

ඉහළ මහලේ පදිංචි සිසුවා බව දැනගත් පොලිස් නිලධාරින් වහාම එම මවට දන්වා ගි ලන් රථයක් කැඳවා මාවනැල්ල රෝහල වෙත යවා ඇත.

මාවනැල්ල රෝහලෙන් කෑගල්ල මහ රෝහලට මාරු කර යැවූ නමුත් කෑගල්ල මහ රෝහලේදී සිසුවා මි ය ගියේය.

සුරේන් රොබට් එම්මානුවෙල් ( 17) නමැති මෙම සිසුවාගේ පශ්චාත් ම රණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ දී සිදු කෙරිණ. මි ය ගිය සිසුවාගේ මව වන තනුජා එම්මානුවෙල් (47) ප්‍රකාශ කළේ, ‘‘මට දරුවන් දෙදෙනකු ඉන්නවා මි ය ගොස් සිටින්නේ මගේ ලොකු පුතා.බාලයා දුව.

පුතා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂාවෙන් රාත්‍රී කාලයෙත් පාඩම් කරනවා. පදිංචි වෙලා ඉන්නේ මාවනැල්ලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉඩමට යාබද ඉඩමේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලේ ඉහළම මහලේ කෙටි තාප්පය උඩ වාඩිවෙලා සිටියදී වැ ටෙන්න ඇති. මොනව කරන්නද එයා ගෙනාව ආයුෂ ඉවරයි’’ යැයි පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here