ගිය අවුරුද්දේ කෝටියකට වැඩියෙන් හෙ ණ වැදිලා.

0

2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අ කුණු සර වැදීම් එක්කෝටි හතළිස්හතර ලක්ෂයක් (14,462,297ක්) වාර්තා වී ඇති බව ශ්‍රී ලංකාවේ අ කුණු හඳුනා ගැනීමේ ජාලයක් වන අර්ත් නෙට්වර්ක් (Earth Network) ආයතනය අනාවරණය කරයි. 2020 දකුණු ආසියානු අ කුණු සර වාර්තාව (2020 South Asia wghtning Report) පෙරේදා (26 වැනිදා) නිකුත් කරමින් අ ර්ත් නෙට්වර්ක් ආයතනය මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල් ආවරණය වන ආකාරයට සිදුකර ඇති සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස නිකුත් කර ඇති අ කුණු එක්කෝටි 44 ලක්ෂයෙන් පන්ලක්ෂ හත්තෑදෙදහස් හත්සිය විසිනවයක් (572,729) භ යානක සේ සැළකෙන අතර වළාකුළුවල සිට ඍජුවම පොළොවට සම්බන්ධ වූ අ කුණු ලෙස සැළකේ. එහි ප්‍රතිශතය 4%කි. එසේම 2020 වරේදී ශ්‍රී ලංකාවේ වැඩිම අ කුණු සර සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඌව, උතුරුමැද, නැඟෙනහිර, සබරගමුව හා වයඹ යන පළාත්වලිනි.

මෙම වාර්තාවට අනුව 2020 වසරේදී ඉන්දියාවට අ කුණු සර තුන්කෝටි අනූපන්ලක්ෂ හතළිස් නවදහස් හාරසිය හතළිස් හතරක් (39,549,444)ක් වැදී ඇති අතර බංග්ලාදේශයෙන් වාර්තාවන අ කුණු සංඛ්‍යාව තිස්ලක්ෂ දාහතර දහස් එකසිය පහළොවකි. (3,014,115)

සමකයට ආසන්න රටක් වන බැවින් ශ්‍රී ලංකාවේ තාපය හා වාතයේ ආර්ද්‍රතාව ඉහළ මට්ටමක පවතින බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි අ කුණු සර සංඛ්‍යාවක් අත්විඳීමට ශ්‍රී ලාංකිකයන්ට සිදුවනු ඇති බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

නයන තරංග ගමගේ-අරුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here