රත්නපුරය ස’සළ කරමින් 14 හැවිරිදි ලක්ෂාන් අ’භිරහස් ලෙස අ’තුරුදන්- cctv

0

රත්නපුර හිදැල්ලන ආටිගල මාවතේ පදිංචි දාහතර හැවිරිදි ලක්ෂාන් අබේරන්න අතිශය පිලිවෙලට එදිනෙදා කටයුතු සිදුකරන දරුවෙක්,ඔහුගේ මව පවසන ආකාරයට ලක්ෂන් ඇයට දක්වා ඇත්තේ පුදුමාකාර ආදරයක්.

නිතර සිය මවගේ ඕනෑ එපාකම් පිළිබඳව සොයා බලන ලක්ෂාන් පාසලේ වැඩ කටයුතු මෙන්ම අත් වැඩ වලටද දක්ෂතා දක්වන දරුවෙක්.

තමන් එදිනෙදා සිදුකරන කටයුතු
කාලසටහනකට අනුව සිදුකිරීමට පුරුදුව සිටි ලක්ෂාන්ගේ මේ හදිසි අ’තුරුදන්වීම නිවසේ සියල්ලටම ඇති කර ඇත්තේ අති විශාල ක ම්පනයක්.

සහෝදරියන් දෙදෙනා සහ මව සමඟ
ආදරයෙන් නිවසේ කල් ගෙවූ ලක්ෂන්
පසුගිය 25 වන දා අලුයම නිවසින් හදිසියේ බැහැර යනවා.

නිවැසියන්ට මෙන්ම ගම්වාසීන්ට ද ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන මෙම අ’තුරුදන්වීම සිදුවී අද වනවිට දින හතරක්.

මඩකලපුව පොලිස් ස්ථානයේ සේවය කරන ලක්ෂගේ පියා පවසන්නේ සිය පුත්‍රයාට නිවස හැරදා යාමට කිසිදු හේතුවක් නොතිබූ බවයි.

ලක්ෂන් නිවසින් අ’තුරුදන් වන දිනයේ ඔහු නිවසින් බැහැරව යන ආකාරය අසල පිහිටි සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා.එහි දැක්වුණේ පසු බෑගයක් කරේ එල්ලා ගත් ලක්ෂන් සිය ජංගම දුරකථනය භාවිත කරමින් ඇවිද යන ආකාරයයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන
රත්නපුර පොලිසියේ අවධානය යොමු වී
ඇත්තේ මෙය තවත් ඔන්ලයින් තාක්ෂණික භාවිතය හේතුවෙන් සිදුකෙරුණු අවැඩක්ද යන්න පිළිබඳවයි.

කෙසේ වෙතත් මෙතෙක් අ’තුරුදන් වූ
ලක්ෂන් පිළිබඳ කිසිදු තොරතුරක්වාර්තා වී නොමැති අතර ඔහු පිළිබඳ යම්කිසි
හෝඩුවාවක් හෝදන්නා කෙනෙක් ඇත්නම් රත්නපුර පොලිසියට දන්වන ලෙස රත්නපුර පොලීසිය ඉල්ලා සිටිනවා.

එම වීඩියෝව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here