නෝනා අපේ මුහුණ ටොයිලට් එකේ ඔබා ජ’රා වතුරෙන් නාවනවා – රිෂාඩ්ගේ නිවසේ වෙන දේවල් දැරියක හෙළි කරයි.

0

බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඩ් එකේ ඔබලා ඒ ජ රා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ග’හලා ඉඳුල් වතුර මූණට හ ලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙ’හෙකාර සේවයේ යෙදී සිටියදී කෲ ර ව ධ හිං’සාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැ’ඬූ ක’ඳුළින් පිළිතුරු ලබා දී ඇත.

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙ’හෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲ’ර ව’ධ හිං’සා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲ’ර ව ධ හිංසා පමුණුවා අ’මානුෂික ප’හරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු ප’හරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

මේ අතර පි’ළිස්සී මි ය ගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙ’හෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අ’භිරහස් අන්දමින් මි ය ගොස් තිබිණි.

මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැ න සි ය දි වි හා නි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගා’බාධයන්ට ලක්වීමෙන් මි ය ගොස් ඇති බව හෙළිවී තිබේ.

මෙම ම’රණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

මේ අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙ’හෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here