වැරැද්දට දඩ එක්ක වසර දෙකක් ක්‍රිකට් තහනම්.

0

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් වි’නය වි’රෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ.

ක්‍රීඩකයන්ට එරෙහි විනය පරීක්ෂණය
අද (29දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී
පැවැත්විණ. ඒ එම විමර්ශන ක්‍රියාවලිය
මෙහෙයවීම සඳහා පත් කළ පංච පුද්ගල
කමිටුව හමුවේය.

කමිටුව අද දිනයේදීම අදාළ පරීක්ෂණයේ වාර්තාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පරීක්ෂණය සඳහා පත්කළ කමිටුවට
විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු නීති උපදේශක පණ්ඩුක කීර්තිනන්ද, නීතිඥ අසේල රැකව, නීතිඥ උචිත වික්‍රමසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරු ඇතුලත්ව සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here