ජනප්‍රිය ගායිකා උමාරියා අත් අඩංගුවට

0

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ රාජගිරිය ගුවන්පාලම අසල සිදුවූ රිය අ’නතුරකට අදාළවයි.

අද පස්වරු 5.30ට පමණ මෙම අ’නතුර සිදුව ඇත්තේ උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය සහ තවත් ත්‍රී රෝද රථයක් එකිනෙක ගැ’ටීමෙන්.

අ’නතුරින් තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඔහුගේ තත්ත්වය බ’රපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.ඒ අනුව අ’නතුර සම්බන්ධයෙන් උමාරිය සිංහවංශ මහත්මිය පොලිස් අත් අඩංගුවට ගැනුණා. ඇය හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here