නළු ගයාන් අවුරුදු පහක් තිස්සේ දරුවන්ට වන්දි නොදී උසාවියෙන් කට්ටි පනී

0

ඉකුත් 2016 වසරේ සිට මේ දක්වා වසර 5 කට අධික කාලයක් මුළුල්ලේ පිරිමි දරුවන් දෙදෙනාට අධිකරණය විසින් ගෙවන ලෙස නියෝග කර ඇති එක් දරුවකුට රුපියල් පහළොස් දාහ බැගින් වූ නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් ජනප්‍රිය ටෙලිනාට්‍ය නළුවකු වන ගයාන් වික්‍රමතිලකට නැවත වාරයක් සිතාසි නිකුත් කරන්නැයි ඊයේ මහර අංක එක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා යළි නියෝග කළේය.

වයස අවුරුදු 11 හා දහය යන වයස් කාණ්ඩවල පසුවන දරුවන්ට පුරා වසර පහකට අධික කාලයක් නඩත්තු මුදල් ගෙවීම මඟහැර ඇති මෙම තැනැත්තා අධිකරණයට ලබාදී ඇති මාතලේ සහ පන්නිපිටියේ පිහිටි ලිපිනයන් දෙකට අධිකරණය මගින් සිතාසි යවමින් නඩු දින පිළිබඳව දැනුම් දී ඇති නමුත් ගෙවී ගිය වසර පහක කාලය තුළ ඔහු පිතෘත්වය පිළිගත් පිරිමි දරුවන් දෙදෙන හට මෙතෙක් නඩත්තු මුදල් ගෙවා නැති බව අධිකරණය ඉදිරියේ කරුණු පැහැදිලි කළ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා පැවසීය.

පාසල් යන වයසේ පසුවන දරුවන්ගේ වියදම් දැරීමට රැකියාවක් නොකරන දරුවන්ගේ මවට හැකියාවක් නොමැති බවත් මව ගේ මවුපියන් වයෝවෘද්ධ එබැවින් දරුවන්ගේ බරපැන දැරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවත් නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා අධිකරණය ඉදිරියේ කරුණු හෙළි කළ අතර කරුණු සියල්ල අසා සිටි මහේස්ත්‍රාත් කෙමෙන් ද පෙරේරා මහතා මෙම නඩුව මේ මස ඊයේ යළි කැඳවීමට නැවත වාරයක් අධිකරණයට ලබාදී ඇති ලිපිනයන් වෙත පිස්කල් මාර්ගයෙන් සහ ලියාපදිංචි තැපෑලෙන් සිතාසි යවා තිබුණත් ඊයේ දිනයේත් ඔහු උසාවියට නොපැමිණි නිසා යළිත් වතාවක් සිතාසි යැවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here