රෙඩ් පාම්ස්’ අතු,ගෙඩි ගෑවි පන්නිපිටියේ ධර්මපාලයේ සිසු සිසුවියන් 16ක් රෝහලේ

0
547

රෙඩ් පාම්ස් ගෙඩි සහිත අතුවලින් පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ විහිළුවක් හේතුවෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් දහසය දෙනෙකු රෝගී වී ඊයේ (16 වැනිදා) දහවල්, ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මේ අතර සිසුන් දහදෙනකු හා සිසුවියන් හය දෙනෙකු ද වන බව පොලිසිය කියයි.

ඊයේ හවල් දොළහට පමණ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් පහළ මාලයේ සිට ඉහළ මාලයට ගමන් කරන අතරතුරදී තවත් සිසුන් පිරිසක් පියගැට පෙළෙහි රැඳී සිටිමින් රෙඩ් ෆාම්ස් ගෙඩි සහිත අතු ඔවුන්​ගේ ඇගේ ගාවා විහිළු කර ඇතැයි පැවසේ.

එම අතු සිරුරේ ගෑවුණු සිසුසිසුවියන්ගේ සිරුරේ අසාත්මිකතාවක් ඇති වී කැසීමට ලක්ව සිරුරෙන් ලප කැළැල් මතුවීම නිසා ආචාර්ය මණ්ඩලය මැදිහත් වී ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් වූ සිසුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව ද රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත්ත කරුණාරත්නගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

•අයිරංගි එදිරිසිංහ – කඩුවෙල •පතිරණගේ සාලිය – හෝමාගම (ARUNA)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here