සාගරය හඬවා ගිලී ගිය තෙල් නැව්.

1
34818

සුගිය දින කිහිපයේ ශ්‍රී ලංකාව ආශ්‍රීත වෙරළ කලාපයට මුළු ලෝකයේම අවධානය යොමු වූයේ නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙනි. යම් හෙයකින් නෞකාවේ අන්තර්ගව තිබූ ඛනිජ තෙල් මුහුදු ජලයට මුසු වූවානම් ලෝක ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම පරිසර හානි අතරින් එකක් බවට එය පත්වනු ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ මතය විය. කෙසේ වුවද අප වාසනාවන්ත වූයේ කිසිඳු තෙල් කාන්දුවකින් තොරව නෞකාව ආරක්ෂා කර ගැනීමට හැකිවූ බැවිනි. එහෙත් අප තරම් වාසනාවන්ත නොවූ රටවල් කිහිපයක් ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම අති විනාශකාරී තෙල් කාන්දුවීම්වලට මුහුණ දුන්හ. එමගින් සිදුවූ පාරිසරික හානිය පොදුවේ පෘථිවි වාසීන් වන අප සැමට එකසේ බලපෑම් කළ බවද මෙහිදී සඳහන් කළ යුතුය.

ඛනිජ තෙල් පරිසරයට, විශේෂයෙන්ම මුහුදු ජලයට මුසුවීම අති ව්‍යසනකාරීය. එමගින් ප්‍රථමයෙන්ම සිදුවන්නේ සාගර ජීව පද්ධතියට හානි සිදුවීමය. ඉන්පසු ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම දක්වා එමගින් වන අතුරු හානි ද රාශියකි. පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳ කතිකාව අන් කවරදාටත් වඩා මේ යුගයේ මුළු ලෝකයේම පොදු මාතෘකාව වී තිබේ. එහෙත් එසේ නොමැති අනූව දශකයේදී පවා සුන්දර සාගර ජල දිය මත පැතිර යන ඝනැති කළු පැහැති ඛනිජ තෙල් තට්ටුව බොහෝ දෙනාගේ නෙතට කඳුළු ගෙන ඒමට සමත් විය.

එවැනි අතිශය හානිදායක වූ තෙල් කාන්දුවීම් සිදුවූ නෞකා අනතුරු කිහිපයක් ලෝක ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී තිබේ. එස්එස් අත්ලාන්තික් එම්ප්‍රස් නෞකාවද එවැනි වූ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් නෞකාවකි. 1979 ජූලි මස 19වැනි දින ඇය සිටියේ සෞදි අරාබියේ සිට තෙල් තොගයක් පටවාගෙන අමෙරිකාවේ ටෙක්සාස් හි බලා යාත්‍රා කරමිනි. කැරිබියන් කලාපයේ ටුබේගෝ දූපත් සමූහය පසු කරමින් සිටින විට ඇය ග්‍රිසියට අයත් නෞකාවක් වන ඒජියන් කැප්ටන් සමඟ ගැටුණේ මුළු පෘථිවි තලයටම කනගාටුදායක අත්දැකීමක් එක් කරමිනි. මහ මුහුද කොතරම් විශාල වුවද එකම මාර්ගයේ මුහුණට මුහුණ ලා පැමිණි ඒජියන් කැප්ටන් සමඟ ගැටුම වළක්වා ගැනීමට අත්ලාන්තික් එම්ප්‍රස් නැවේ කාර්ය මණ්ඩලයට හැකියාව ලැබුණේ නැත. පසුව නෞකා දෙකේම පිරිස පවසා තිබුණේ දැඩි වර්ෂාව සමඟ පැවති මීදුම හේතුවෙන් ඉදිරිය නොපෙනුන බවයි.

ගැටුමත් සමඟ නෞකා දෙකම ගිනි ගැනීමට ලක්විය. ඉතා සුළු මොහොතකින් ගින්න නෞකාවල කාර්ය මණ්ඩලයන්ගේ පාලනයෙන් මිදුණු අතර ජීවිතාරක්ෂාව සඳහා නෞකා අත්හැර දැමීමට කාර්ය මණ්ඩලවලට සිදුවිය. එපමණක්ද නොව ගින්න හේතුවෙන් එම්ප්‍රස් නෞකාවේ 26 දෙනෙකුට ජිවිත අහිමි විය.

ආසන්නයේම පිහිටි ටුබෑගෝ රාජ්‍යයෙන් ගිනි නිවීමේ භටයන් පැමිණියද ගින්න නිවීමට ඔවුන්ටද හැකිවූයේ නැත. එබැවින් වහාම නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමට කටයුතු කරන ලදී. පසුව ගැඹුරු මුහුදේදීද දිගින් දිගටම ගිනි ගත් නෞකාවේ පිපිරුම් කිහිපයක්ද සිදුවූ බව වාර්තා විය. අවසානයේ අනතුරෙන් සතියකට පසුව අත්ලාන්තික් එම්ප්‍රස් නෞකාව මුහුදු පත්ලට ගිලා බැස්සේ නිකම්ම නොවේ. ඒ වන විට නෞකාවේ අන්තර්ගතව තිබූ තෙල් ටොන් 2,80,000ක්ද මහා සාගරයට මුසු කරමිනි. එයින් සිදුවූ පරිසර හානිය තක්සේරු කිරීමට නොහැකි තරම් ප්‍රභල විය. මේ සිදුවීමෙන් දස වසරකට පසුව එම ප්‍රදේශයේදීම Exxon Valdaz නෞකාවද අනතුරට පත්වූ අතර එමගින් තෙල් ටොන් 37,000ක් මුහුදට මුසු විය.

1991 වසරේදී ඇන්ගෝලා මුහුදු තීරයේදී ගිලී ගිය ඒබීටී සමර් නෞකාවද ඉතිරි කර ගියේ පරිසර ඛේදවාචකයකි. මේ නෞකාව දකුණු කොරියාවේ නිපදවන ලද, ලයිබීරියනු ධජය යටතේ යාත්‍රා කළ තෙල් ප්‍රවාහන නෞකාවකි. 1991 වසරේ මැයි 28 වැනිදා ඇන්ගෝලා මුහුදු කලාපයේ මේ නෞකාව යාත්‍රා කරමින් තිබුණේ ඛණිජ තෙල් මෙට්‍රික් ටොන් 2,60,000ක් ද සමඟිනි. එක්වරම නෞකාවේ පිපිරීමක් සිදුවූ අතර, එම පිපිරීමට හේතුව කුමක්දැයි මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ වී නොමැත. නෞකාව දින තුනක් පුරා ගිනි ගැනීමට ලක්වූ අතර ඉන් පසුව එය කිඳා බසින්නට විය. නෞකාවේ තිස් තහරක් වූ කාර්ය මණ්ඩලයෙන් පහක් මියගොස්, හතරක් අතුරුදන් වූ අතර අවසානයේ නෞකාව මුහුදු පත්ලේ නතර වූයේ ඛනිජ තෙල් මෙට්‍රික් ටොන් 2,60,000ම සාගරයට මුදා හැර මහා පරිසර විනාශයක් කරමිනි. එය කොතරම් වීදයත්, වර්ග සැතපුම් අසූවක් දුරට පැතිරුණු තෙල් පැල්ලමක් මාස ගණනාවක් එම කලාපයේ සාගරය මතුපිට දක්නට හැකි විය.

දකුණු අප්‍රිකාවේ කේප් තුඩුවට සැතපුම් 70ක් වයඹ දිගින් මුහුදේ දී කැස්ටිලෝ ඩි බෙල්වර් තෙල් ප්‍රවාහන නෞකාව ගිලී ගියේද තෙල් ටොන් 2,50,000ක් ද සමඟිනි. මේ නෞකාවේද සිදුවූ පිපිරීමක් හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු අතුරුදන්ව තිබිණි. නෞකාවේ ගින්න නිවා දැමිමට නොහැකි වූ නිසා එය ගැමුරු මුහුදට ඇදගෙන ගොස් දැමීමට කටයුතු කළද නෞකාව සම්පූර්ණයෙන් ගිලී යෑමට තරම් මුහුද ගැඹුරු වූයේ නැත. එබැවින් පුපුරන ද්‍රව්‍ය යොදවා නෞකාවේ අවර කොටස ගිල්වා දැමීමට කටයුතු කෙරිණි. නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ තෙල් ටොන් 1,45,000 – 1,70,000 අතර ප්‍රමාණයක් මහා සාගරයට එක්වීම වළක්වා ගත නොහැකි වූයෙන් වසරක පමණ කාලයක් පුරා අවට රටවල වෙරළ තීරයන්ට ඝනැති තෙල් තට්ටුවකින් පීඩා විඳීමට සිදු විය.

ලිබියානු ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ අමොකො කාඩියස් නෞකාව අයත් වූයේ සුපිරි තෙල් ප්‍රවාහන නෞකා අතරටය. එයින් අදහස් වූයේ එහි ප්‍රවාහනය කළ හැකි තෙල් ප්‍රමාණය අති විශාල වීමය. 1978 මාර්තු 16 වැනිදා මේ නෞකාවද මුහුදේ ගිලී ගියේ එවන්වූ අති විශාල තෙල් ප්‍රමාණයක් සමඟිනි. ඒ අනුව මෙය ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් ප්‍රමාණයක් මුහුදට මුසු වූ නෞකා අනතුර ලෙසින්ද වාර්තා වේ.

අනතුර සිදුවන විට නෞකාව යාත්‍රා කරමින් තිබුණේ ප්‍රංශය ආසන්න මුහුදු කලාපයේය. අනතුර සිදුවන විට නෞකාව දියත් කිරීමෙන් ගතවී තිබුණේ වසර පහක් පමණි.

අති විශාල ඛනිජ තෙල් තොගයක්ද සමඟ නෞකාව ප්‍රංශ මුහුදු සීමාවේ බ්‍රිතාන්‍ය බලා යාත්‍රා කරමින් සිටියදී එක්වරම නෞකාවේ සුක්කානම බිඳී ගියේ නෞකාවද මිනිස් පාලනයෙන් මුදවමිනි.

ඒ සමඟින් නෞකාව ගසාගෙන යෑමට වූ අතර කපිතාන්වරයාගේ ඉල්ලීම අනුව පැමිණි ටග් යාත්‍රා මගින් නෞකාව වෙරළ දෙසට ඇදගෙන යෑමට විය. එහෙත් දැඩි කුණාටු තත්ත්වය හේතුවෙන් යාත්‍රා දෙක සම්බන්ධ කළ රැහැන බිඳී ගියේය. ඒ සමඟ නෞකාව පොර්ට්සෙල් ගල්පර දෙසට වේගයෙන් ඇදී යන්නට විය. එම ගල්පරයේ වැදුණු නෞකාවේ ඇතිවූ සිදුරෙන් ජලය නැව තුළට ගලා ඒමට විය. මුදා ගැනීමේ කිසිදු බලාපොරොත්තුවකින් තොරව නෞකාව මුහුදේ ගිලී යෑමට වූ අතර එහිවූ ඛනිජ තෙල් ටොන් 2,19,797ම මහ මුහුදට මුසු විය. පසුව ගණනය කර තිබුණේ නෞකාවේ අන්තර්ගතව තිබූ තෙල් ද සමඟ සම්පූර්ණ තෙල් ටොන් 2,20,880ක් මුහුදට ගලා ගිය බවයි. මෙය සැලකෙන්නේ ලෝක නෞකා ඉතිහාසයේ විශාලතම පරිසර හානිය ලෙසිනි.

කෙසේ වුවද තෙල් ටොන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් සමඟ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවද අනතුරට පත්වූයේ නම් මේ ලැයිස්තුවට එක් වනු නොඅනුමානය. එහෙත් අප සැමගේ වාසනාවට නෞකාවේ ගින්න නිවා දැමීමට අපගේ ආරක්ෂක අංශවලට හැකියාව ලැබිණි.

ලංකාව නිසා බේරුණු  නිව් ඩයමන්ඩ්

සුපර් ටෑන්කර් වර්ගයට අයත් වන තෙල් ටොන් ලක්ෂ දෙක ඉක්මවා ප්‍රවාහනය කළ හැකි නිව් ඩයමන්ඩ් නෞකාව පසුගිය සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වන්නේ එහි ප්‍රධාන බොයිලේරුවේ සිදු වූ පිපිරීමක් හේතුවෙනි. ඒ වන විට නෞකාවේ තෙල්ටොන් 2,70,000ක් ප්‍රවාහනය කෙරෙමින් තිබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සහ ඉන්දිය වෙරළාරක්ෂක බළකායේ දැඩි පරිශ්‍රමයෙන් නෞකාවේ ගින්න දෙවැනි වරටත් පාලනය කිරීමට කටයුතු කළ අතර නෞකාව ආරක්ෂිතව ගැඹුරු මුහුද දක්වා රැගෙන යාමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් තිබේ. යම් හෙයකින් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් බොර තෙල් කාන්දුවක් සිදුවූයේ නම් එයද මේ දරුණු පරිසර ව්‍යසන අතරට එක්විය හැකි තරමේ මහා ව්‍යසනයක් වනු ඇත.

SILUMINA

 

1 COMMENT

  1. ජනාධිපති තුමණි,

    Blue Diamond නෞකාවේ පරීක්ෂණ දැණට සිදුවෙමින් පවතින්නේ බෙහොම කල්මැරැණ ස්භාවයනින් යුක්ත බව මේ සම්‍භන්ධයෙන් ජාතයන්තර සමූද්‍ර නීතිය හා වන්දි පිලිබද අවබෝධයක් ඇති අය හට පෙනී යයි.

    ඔබ තුමා මෙහි හට ශ්‍රී ලංකාවේ සහ ජාතයන්තර සාගර නීති පිලිබද දැණුම හා නිපුනත්වයක් ඇති විද්වතෙකු බව මා තරයේ විශ්වාස කරමි.

    මා වෙළද නෞකාවක කපිතාන්වරයෙකුවන සුමිත් කාලවේල මහතාගේ මේ අනතුරට ලක්වු නෞකාව පිලිබද අදහස් විද්යුත් මාදය තුලින් නැරබීය.

    නෞකාවක හෝ යාත්‍රාවක කපිතාන්වරයා හදිසි අණතුරැඅවස්ථාවක දී එම නෞකාවෙන් ඉවත්වන්නේනම්‍ ඒ මුහුදු තීරය අයිතිය ඇතිරටට ඔහුන් හා නෞකාව අත්අඩංගුවට ගත හැකිව තිබිදීත් ගින්න නිමා දැමූ යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිට ගැබුරැ ජාතයන්තර සාගරය වෙත ඇදගෙණ යන්නේ අපට මහා වන්දි මුදලක් අහිමි කරවීමේ කූට අරමුණකින් බව සමස්ථ රට වැසියාම දැණුවත් කිරීම අපගේ වගකීම වනු ඇත.

    මේ පිටුපස වෙනත්ම ආකාරයේ සැලැස්මක් සිදුවෙමින් පවතින බවත් ශ්‍රී ලංකා රජයට අය විය යුතු ඩොලර් ත්‍රිලියන ගණනක් අහිමිකරවා එම මුදල් විදේශීය බැංකු ගිණුම්‍වලට බැරකර ගැණීමට සමහර වග කිව යුක්තන් කටයුතු කරණ බවක් පෙනෙන්නට ඇත.

    මේ සම්‍භන්දයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා බලගතු රටක සහය ලබාගන්නේනම්‍

    එම ලැබෙන වන්දි මුදලින් අප රට ලෝක බැංකුව ඇතුලු ලෝකයේ සියලු රටවලට ඇති ණය පියවා දැණට බදු ගිවිසුම්‍ වලට විකුණා ඇති රටේ ආර්ථික මරමස්ථාන සියල්ල නැවත වන්දි මුදල් ගෙවා ශ්‍රී ලංකා රජයවෙත පවරා ගැණීමට කටයුතු කල හැකි අතර ඉතිරි මුදල රටේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඉදිරි වසර 5 තුල ලෝකයේ දියුණු රටවල් අතරට එක් කිරීමට හැකිවන බව කරැණු කාරණා දන්නා අයට වැටහී අවසානය.

    අප රටේ දියුණුව සදහා කොන්දේසි විරහිතව ඉදිරි පත්වීමට කැමැත්ත මීට මාස කීපයකට පෙර රැසියානු නායක පුටින් මහතා ජාතයන්තර විද්යුත් මාදය හමුවේ ප්‍රකාශකර ඇති යුගයක එතුමාගේ සහය මීට ලබාගන්නේනම්‍ අප රටට අහිමිවෙන්නට යන මෙම විශාල වන්දි මුදල තෙගුණයකින් පමණ වැඩිකර ගැණීමට හැකියාවක් ඇති අතර මින් මතුවට ඉන්දියානු සාගරයේ මෙවැණි සිදුවීම්‍ සිදුනොවීමට යුරෝපීයන් හා අප රට විනාෂ කිරීමට උඟුල් අටවන්නන්හට දැඩි ප්‍රතිපත්ති ඇතිව කටයුතු කලයුව ඇත්තේ මෙමැණි දේවල් ඉන්දියන් සාගරය තුල සිදුවීම මුලින් නුපුටා දැමීම පෙර දැරි කරගෙනය.

    තවද මේ අපරටට අයත් මුහුදු තිරය හා ඉන්දියන් සාගරයේ ඇති සම්‍පත් සියල්ල විනාශ කොට මේ සාගර කලාපය මළමුහුදු(Death sea ) කලාපයක් කිරීමට තැත්කල අයට දැඩි දඩුවම්‍ ලබා දීමට කටයුතුකර මෙම නෞකාව රජ සන්තක කල යුතුව ඇත.

    තවද එම නැව්‍ සමාගමට හා රක්ෂණ සමාගමින් වන්දි මුදලට අමතරව එම සාගර කලාපයට එම නැවෙන් පිටවූ ඉන්දන සහ අපද්‍රවය ( Contaminated sea water )නැවත පවිත්‍ර කලයුතුවන්නේ එම සමාගම්‍වල මුදලින් විය යුතුය.දැණට ශ්‍රී ලංකා රජය විසින් ඉටුකරණ ලද සේවය සදහා යුරෝපයේ මෙවැණි මෙහෙයුමක් වශයෙන් අය කරණ අධික මුදලක් ඇස්තමේන්තුකර අයකර ගතයුතුවන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට ඉතා ඉහල මට්‍ටමේ අගයක් එක්කිරීමේ අරමුණු කොට ගෙනය.

    ඉන්දියන් සාගරයේ වැඩිම සාගර කලාපයකට හිමිකම්‍ ඇති ශ්‍රී ලංකාවේ ෙජෙව විවිදත්වයට හා ඉන්දියන් සාගරයේ මහත් බලපෑමක් ස්ථිරවම ඇතිවන බව නොඅවණුමාණය.සාගර පතුලේ ඇති ජලජ ජීවීන් හා හතු විනාශවීම හේතු කොටගෙන මත්සය සම්‍පත සාගරකලාපයෙන් සදහටම වදවී යන කල්හී ධීවර ජනතාවට මරැ පහරක් වදින අතර තුර ජාතික පරිභෝජනය 100% සදහා මසුන් ආණයනය කරන මහ සයුරකට හිමිකම්‍ කියන ශ්‍රී ලංකාව අමුතුම මාදිලියේ ගිණස් වාර්ථාවක් පිහිටුවන බව ස්ථිරය.

    තවද මෝසම්‍ වැසි වසින කාලවලදී මේ Contaminated sea water වැසි වැසීම හේතු කොටගෙණ රට තුල ඇති වනාන්තර විනාශවී ජලාශවලට වස මුසුවී මුලු රටම විනාශවීයන මේ මහා අවදානම වග කිවයුත්තන් හට මේවන තුරැ අවදාරණය වී නැතිවීම රටේ අවාසනාවකට යයි මා හට හැගීයයි.

    කොරෝනා උවදුර සාර්ථකව මැඩපැවැත්වු මේවන විට ලෝකයේ දරැණුතම හමුදාවන් අතුරින් 3 වන ස්ථාණයට ශ්‍රේණි ගත වීමට හිමිකම්‍ ලද මේ දේශය විනාශ කිරීමට අපගේ අසල්වැසි ඉන්දියාව මෙන්ම ලෝකයේ බලගතුයයි කියාගන්නා සියලුම රටවල්වල ඒකම පරමාර්ථය කෙසේ හෝ මේ හෙලදෙරණ වනසා දැමීම බව වගකිව යුක්තන් අමතක නොකල යුතුය.

    ස්තුතියි!

    කෝසල ගුණවර්ධන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here