කොරෝනා වලින් බේරෙන්න ත්‍රිත්ව තාප ප්‍රතිකාරය – වෛද්‍ය ජයනාත් ද සිල්වා

0

වෛරස් සෙම්ප්‍රතිශ්‍යා/උණ රෝග මූලික අවස්ථාවේදීම වලක්වා ගැනීමේ “ත්‍රිත්ව තාප ප්‍රරතිකාරය” ගැන මගේ පසුගිය අවුරුදු 20ක අත්දැකීම මේ තීරණාත්මක අවස්ථාවේ කොරොනා රෝගයෙන්ද ඔබව ආරක්ෂා කිරීමට උදව්වක් වනු ඇතැයි තදින්ම විශ්වාස කරමි.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ පිටතින් තාපය ලබා දීම මඟින් ශරීරය ඇතුලත වැඩෙන වෛරසයක් කෙලින්ම නැසිය නොහැකි බවයි. නමුත් එසේ ලබා දෙන තාපය නිසා රුධිර වාහිනී පළල් වීමෙන් පැමිණෙන අමතර රුධිරයේ ඇති සුදු රුධිරානු සහ වසා සෛල වල උදව්වෙන් වැඩෙමින් පවතින වෛරසය වේලාසනින්ම මැඬිය හැකියි.

තවත් පවතින වැරදි මතයක් වන්නේ උණුවතුර හුමාලය ශරීරයට හානිකර බවයි. තමන් හුස්ම ගන්නා හුමාලයේ උණුසුම සහ ප්‍රමාණය ගැන තමන්ට පාලනයක් ඇති නම් එයින් විය හැකි හානිය නොගිනිය හැකි තරම්. එසේ හානි වූ රෝගියෙක් මා කිසි දිනක දැක නැති අතර බොහෝ රොහල් වලත් ශ්වසනය පහසු කිරීම සඳහා මුඛයෙන් ආශ්වාස කරන හුමාල උපකරණ භාවිතා වේ.

ත්‍රිත්ව තාප ප්‍රතිකාරයේ වැදගත් කම වන්නේ ඒ සඳහා ඉතාම සුළු මුදලක් වැය වීමත්, ඕනෑම ලොක් ඩවුන් තත්වයක් යටතේ, තම කාමරයේ නිරෝධායනය වෙන ගමන්ම කල හැකි වීමත්ය.

ත්‍රිත්ව තාප ප්‍රතිකාරයේ සාරාංශය.

මෙහි අන්තර්ගතය වනුයේ “උණු වතුර හුමාලය ඇල්ලීමත්”, “රස්නය ඇති උණු වතුරෙන් මුහුණ සේදීමත්”, එවැනිම “රස්නය වතුරෙන් උගුර සේදීමත්ය”.

උණු වතුර හුමාලය ඇල්ලීම නිවැරිදිව කරන්නේ කෙසේද? .

• මේ සඳහා අවශ්‍ය වනුයේ නටන වතුර ලීටර 2-3ක් (කේතලයක් පුරවා නැටවූ), කට ලොකු භාජනයක්, බෙඩ් ශීට් එකක්. හුමාලය රැදෙන පරිදි වසා ගැනීම ඉතා වැදගත්.

• වරකට එක බැගින් නාස් පුඩු වසා හුමාලය ආශ්වාස කල යුතුයි.

• තත්පර 5 ක් පුරා හෙමින් සැම විටම ආශ්වාස කරන්න.

• සැම විටම මුඛයෙන් ප්‍රශ්වාස කරන්න.

• වරකට මෙලෙස විනාඩ් 5 ක් පමණ හෝ නාස් පුඩු වල අවහිරතාවය නැති වෙන තෙක් හුමාලය අල්ලන්න.

• ආරම්භයේදීම කැස්සකුත් ඇතිනම් ආශ්වාස සහ ප්‍රාශ්වාස දෙකම මුඛයෙන් කරන්නත් අමතක කරන්න එපා.

හුමාලය ඇල්ලීමෙන් පසු තවත් විනාඩ් 3-5 දක්වා කාලයක් උනු වතුරින් මුහුණ සේදීමත්, උනු වතුරින් උගුර සේදීමත් කල යුතුයි.

සාර්ථක ප්‍රතිපල සඳහා හුමාලය ඇල්ලීම ආරම්භ කල යුත්තේ කුමන අවස්ථාවේදීද?

කිවිසුම් යාම, හිස රදය, නාසයේ බර ගතිය, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව, උඩු තල්ලේ අපහසුව, අසනීප ගතිය වැනි ලක්ෂණ ඇති වී පැය කිහිපයක් තුලම ත්‍රිත්ව තාප ප්‍රතිකාරය ආරම්භ කල යුතුයි.

දිනකට කොපමණ වතාවක් ත්‍රිත්ව තාප ප්‍රතිකාරය කල යුතුද?

• 2 – 4 දක්වා වතාවක්. තරමක් අසීරු උණ අවස්ථා මඟ හරවා ගැනීමට 4 වතාවක්වත් මෙම ප්‍රතිකාරය කල යුතුය.

• ඔබ පැරසිටමෝල් හෝ වෙනත් වේදනා නාශක නොගත්තා නම් රෝග ලක්ෂණ විසින්ම ඊ ළඟ ප්‍රතිකාරය අවශ්‍ය වේලාව තීරණය කරනු ඇත.

• ඔබ පැරසිටමෝල් හෝ වෙනත් වේදනා නාශක ගත්තා නම් (උණ සහ ඇඟපත වේදනා සඳහා) එම ඖෂධ ගන්නා සෑම වාරයකදීම ත්‍රිත්ව තාප ප්‍රතිකාරය කල යුතුයි.

මෙම ප්‍රතිකාරය නතර කල යුත්තේ කොපමණ කාලයකින්ද?

• රෝග ලක්ෂණ පහව ගොස් පැය 24-48 කින්.එමෙන්ම මෙම ප්‍රතිකාරය පැය 48 කට වඩා වෛද්‍ය උපදෙස් වලින් තොරව කිරීමෙන්ද වැළකිය යුතුය.

ප්‍රතිකාරය කරන අතරතුර නොකල යුතු දෑ.

• ශීත කරන ලද ආහාර පාන වලින් , ශීත වායුසමීකරණ අසල සිටීමෙන්ද වැළකිය යුතුය.

• උණ හෝ තද ඇඟපත වේදනා නැතිනම් පැරසිටමෝල් හෝ වෙනත් වේදනා නාශක නොගත යුතුය.

• උණ ඇති විට පැරසිටමොල් ගෙන උණ පාලනය කිරීමෙන් තොරව ත්‍රිත්ව තාප ප්‍රතිකාරය නොකල යුතුය.

• මෙම ප්‍රතිකාරය සඳහා භාවිත කරන කිසිවක් පොදුවේ භාවිත නොකල යුතුය. සෑම විටම ප්‍රතිකාරයෙන් පසුව අත් සේදිය යුතුය.

මෙම ප්‍රතිකාරය වඩාත් අවධානයෙන් කල යුතු අවස්ථා.

• ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසමානතා ඇතිනම්.

• පැය 48 ක් තුල රෝග ලක්ෂණ අඩු වූයේ නැතිනම් හෝ පැය 48 ක් යාමට පෙර රෝග ලක්ෂණ දරුණු අතට හැරුණු විටදී.

අමතක වීමකින් ශීතල කෑමක්/බීමක් ගත්තොත්?

• හැකි ඉක්මනින් හොඳ රස්නය ඇති උණු වතුරින් උගුර සෝදන්න.

මෙය හැකි තරම් ශෙයා කර තවත් අය දැනුවත් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here