ශ්‍රී ලංකා රජය විසින් ආනයනය තහනම දිගින් දිගටම සිදු කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය කනස්සල්ල පළ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ වෙළඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බවයි.
ශ්‍රී ලංකාවේ පනවා ඇති ආනයන තහනම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ යුරෝපයේ ව්‍යාපාර වලට සෘණාත්මක බලපෑමක් ඇති වී තිබෙන බවද නිවේදනයේ දැක්වේ.
දිගින් දිගටම ආනයනය සීමා පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ නියාමයන්ට විරුද්ධ බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
(උපුටාගැනීම – ලංකා සී නිව්ස්)