පසුගියදා මේ රටේ 75 වෙනි අයවැය වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.රට ඉස්සරහට සංවර්ධනය කරන්නෙ කොහොමද,ඒකට අවශ්‍යකරන යෝජනා මොනාද කියල තමයි මේ අයවැය වාර්තාවෙ සඳහන් වෙන්නෙ.ඒ වගේම මෙච්චර කාලයක් සඳහන් උනේ.
අපි රට සංවර්ධනය වෙනව කියන්නෙ රටේ ජනතාවට ජීවත්වෙන්න හොද වටපිටාවක්,හොද ආදායමක්,හොද අධ්‍යාපනයක්,ගමන් බිමන් වලට හොද මාර්ග ලැබෙන එකට.හැබැයි ඒ සංවර්ධන ඇහැටවත් දැකල නැති අන්ත දුක්විදින ජනතාව තාම මේ රටේ ඉන්නව කියල බලධාරීන් දන්නෙ නැතුව ඇති.මේ එහෙම ගමක්.
පහත වීඩියෝ එකේ දැක්වෙන්නෙ මියගිය අයෙකුගේ දේහයක් අවසාන කටයුතු සිදුකිරීමට රැගෙන යන අයුරු.හැබැයි යන්නෙ මහා ජල කදක් මැදින්.එතකොට ඔබ හිතන්න පුලුවන් ගංවතුර ගලල නේද කියල.නෑ..මේ ගමේ ජනතාවට ජීවත්වෙලා ඉන්නකොට තියා මැරුණම යන්නවත් පාරක් පාලමක් නෑ.එතකොට මේ මිනිස්සු කොයිතරම් අසරණද ?
මේ නිකවැරටිය කොබෙයිගනේ කොරගහවැටිය ගම්මානය.මේ ගම්මු අවුරුදු ගානක් තිස්සෙ ඉල්ලන්නෙ පාරක් නැතත් පාලමක්වත් දෙන්න කියල.හැබැයි මෙච්චරකාලයක් උනේ ජන්ද කාලෙට දෙන පොරොන්දු ජන්දෙන් පස්සෙ අමතක උනු එක.මේ පාරවත් මේ මිනිස්සුන්ට පාරක් නැතත් පාලමක්වත් දෙන එක බලධාරීන්ගේ යුතුකම.සියලු විස්තර පහත වීඩියෝවෙන්,