මහින්දට දෙන්න ගිය ASPගෙ ගෙදර විකුණයි.

0

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් A.S.P. ලියනගේ මහතාට අයත් රාජගිරියේ පිහිටි පීකොක් මන්දිරය විකුණා දැමීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.ඒ අනුව අදාළ නිවස LOLC සමාගම විසින් මිලදී ගෙන තිබේ.

මෙම නිවස හා ඉඩම පර්චස් 170 කින් සමන්විත වූ අතර එය විකුණා දමා ඇත්තේ වෙළඳපොළ වටිනාකමට වඩා අඩු මිලකට බව පැවසේ.

සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයේ පර්චසයක අවම මිල රුපියල් ලක්ෂ 45 ත් 50 ත් අතර වන බව වාර්තා වේ.

A.S.P. ලියනගේ මහතා විසින් මෙම නිවාස මීට වසර කීපයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දෙන්නට උත්සාහ කිරීමත් සමග මෙම නිවස අතිශය ජනප්‍රිය විය.

( MAWRATANEWS )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here