පොල් හිඟයට පිළියමක් ලෙස පොල් මද මෙරටට ආනයනය කිරීම සඳහා අවසරය ලබා දුන් බව පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ජනවාරි මාසය දක්වා ප්‍රයෝජනයට ගතහැකි ලෙස සීත කරන ලද පොල් මද ආනයනය කිරීම සඳහා හය දෙනෙකුට අවසරය ලබාදී තිබේ.
පොල් කිරි,පිටි කළ පොල් කිරි ආදිය නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත අංශයට පොල් මද මිලියන 200 ක් පමණ ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
මෙරට කර්මාන්ත අංශය සඳහා මාසික පොල් අවශ්‍යතාව ගෙඩි මිලියන 100ක් බව පොල් සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ පී. එදිරිමාන්න පැවසුවේය.
වියට්නාමය, ඉන්දුනීසියාව සහ පිලිපීනය ආදී රටවලින් පොල් මද ආනයනය කෙරෙන බවද අධ්යක්ෂවරයා කීවේය.