ප්‍රතිකාර කරන්න මම දිෂ්ටි බලයක් උපයෝගි කරගන්නවා..ධම්මික බණ්ඩාර වෙද මහතා කියයි

0

කෑගල්ල, හෙට්ටිමුල්ල, උඩුමාගම මහාවීර බද්‍ර කාලී දේවාලයේ ධර්මාචාර්ය, පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරයෙක් යනුවෙන් තමා හඳුන්වා ගන්නා ඩී.එම්. ධම්මික බණ්ඩාර මාධ්‍යයේ ප්‍රසිද්ධ වීමට පෙර අපේ වරකාපොළ මාධ්‍යවේදී නිමල් වසන්තට කියූ කතාව.

‘‘කොරෝනා වසංගතයෙන් රෝගීන් සුවපත් කිරීම සඳහා මම බෙහෙතක් සාදා තිබෙනවා. ඒ සඳහා ලංකාවේ තිබෙන බෙහෙත් වර්ග හතරයි අරන් තියෙන්නේ. පිරිසුදු මීපැණි, මීපැණි හොඳ ජීව පදාර්ථයක්. මේ ඖෂධය දීලා රෝගය සුව කරලා තියෙනවා. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන්. මෙම බෙහෙත අවසන් වශයෙන් දුන්නේ වතුපිටිවල නිරෝධායන මධ්‍යස්ථානයට. එතැන රෝගීන් 146 දෙනකු සිටියා. ඒ සියලු දෙනාටම බෙහෙත් දුන්නා. දින හතරක් යනවිට සුව වී තිබුණා. මේක නොමිලයේ ලබා දෙන්නේ.

මෙම බෙහෙත් සොයා ගැනීමේ අපහසුතාවයක් තිබෙනවා. රජයෙන් හෝ වෙනත් ආයතනයකින් මෙම බෙහෙත් සොයා ගැනීමට අවශ්‍ය නිසයි රාජ්‍ය අනුග්‍රහය ඉල්ලන්නේ. විශේෂයෙන් මම ඉල්ලා සිටින්නේ පිරිසුදු මීපැණි හා සාදික්කායි. අනිත් වර්ග සොයා ගැනීමට පුළුවන්. මීපැණි ලැබෙන කාලය තව ඉදිරියට තියෙන්නේ. සාදික්කාත් තව ඉදිරියට කඩන්න පුළුවන්. මේ බෙහෙත් දෙක තමයි සොයා ගැනීම අපහසු.

ලංකාවේ අද වෙනකොට රෝගීන් පන්දහස් ගාණක් වාර්තා වෙනවා. මේ සියලු දෙනාට මම බෙහෙත් දීලා දින තුනකදී නිට්ටාවට සුව කරනවා. ආයෙ කිසි දවසක හැදෙන්නේ නැහැ. සෙම් රෝගයක්වත් හැදෙන්නේ නැහැ. නමුත් මට කියන්න බැහැ යමෙකුට උණ රෝගයක් හැදෙන්නේ නැහැ කියලා. සෙමෙන් හැදෙන රෝගයක් හැදෙන්නේ නැහැ. තවත් රෝග තිබෙනවා. දියවැඩියාව පාලනය කරන්න පුළුවන්, කොලෙස්ටරෝල් අඩුවෙනවා. මේක පුරාණයේ සිට එන, එනම් රාවණා රජතුමාගේ කාලයේ සිට එන බෙහෙතක්. එදා මහරහතන් වහන්සේලා පවා පාවිච්චි කර තිබෙන බවට සඳහන් වෙනවා. ඒ කාලයේදීත් මෙවැනි වසංගත තිබිලා තියෙනවා. මේකේ තියෙන්නේ බෙහෙත් හතරයි, ඒවා සජීවී බෙහෙත්.

වැඩිහිටි රෝගියකු මේස හැන්දෙන් හතරක් දිනපතා උදේ සවස බිව්වොත් මේ රෝගය නැවත හැදෙන්නේ නැහැ. ඒ තරමටම ගුණයි, අත්දුටුවයි. බිව්ව අය ඉන්නවා, සුව වෙලා ඉන්නවා. වෛද්‍යවරුන්ට, ඈත පළාත්වල අයට දීලා තිබෙනවා. ඒ අය සුවවෙලා තිබෙනවා.

රජයේ අනුග්‍රහයෙන් ලෑස්ති කරනවා නම් රජයේ රෝහල්වල නේවාසිකව ඉන්න අයට බෙහෙත් දෙන්න, ඒ සඳහා සැලසුමක් කර දෙන්න. මුදල් එපා. මෙම බෙහෙත් බෝතලයක් හදාගන්න රුපියල් හයදාස් පන්සීයක් වියදම් වෙනවා. බෙහෙත හොයන්න මහන්සි වෙන්න ඕනෑ, ශ්‍රමය යොදන්න ඕන. එම මුදලවත් අපට එපා. අවශ්‍ය බෙහෙත් ටික සොයා දෙන්න.

මම මෙම බෙහෙත දුන්නේ පළමුවෙන්ම කොරෝනා හැදෙන සංචාරකයන් ගෙන යන මගපෙන්වන අයකුට. ඔහු සමග 11 දෙනෙක් හිටියා. ඉන් 10 දෙනෙක් නිරෝධායනයට ලක්වුණා. එක් අයෙක් පැනලා ගියා. ඔහු ආසාදිතයෙක්. පළමුවෙන්ම බෙහෙත් දුන්නේ ඔහුට. කැස්ස, උණ තිබුණා, ගිලීමේ අපහසුකම් තිබුණා. පළමුවෙන්ම බෙහෙත දුන්නේ ඔහුට. ඔහු සුව වුණා. දවස් දෙකයි බේත් දුන්නේ, හතර වේලයි. ඉන්පසුව සුව වුණා. එතැනින් පස්සේ තමයි මම අනිත් අයට ප්‍රතිකාර කරන්න ආරම්භ කළේ. මට තිබෙනවා දිෂ්ටි බලයක්. ඒකත් උපයෝගි කරගන්නවා.’’

( ARUNA )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here