කොරෝනා බෙහෙත බොන්න එපා – කොරෝනා ඇමති දැනුම්දෙයි.

0

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් නිට්ටාවටම සුව කළ හැකි බව පවසමින් හඳුන්වා දී ඇති ඖෂධය සඳහා තවමත් රජයේ අනුමැතිය ලබා දී නොමැති බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. සායනික පරීක්ෂාවකින් අනුමත වනතුරු එම ඖෂධය භාවිතා නොකරන ලෙස ඇමතිවරිය ඉල්ලා සිටී.

විද්‍යාත්මකව තහවුරු කර නොගත් සහ රජය විසින් අනුමත නොකළ කිසිදු ඖෂධයක් ‍බෙදාහැරීම මෙන්ම භාවිතා කිරීමද සිදු නොකළ යුතු බවයි ඇය පවසන්නේ. කෙසේ වෙතත් පසුගියදා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් හඳුන්වා දුන් ඖෂධය ප්‍රසිද්ධියේ බෙදාහැරීමට කටයුතු කළ අතර දහස් ගණන් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශද නොතකා එම ඖෂධය ලබා ගැනීමට රැස්ව සිටින අයුරු දක්නට ලැබිණි.

රජයේ බළධාරීන් පවසන්නේ එම ඖෂධය පිළිබඳව තවමත් පරීක්ෂණ පැවැත්වෙන බවයි. කෙසේ නමුත එකී ඖෂධය අතිරේක ආහාර වර්ගයක් ලෙස අනුමැතිය ලබාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here