සූර්යග‍්‍රහණයත් සමග සුවිශේෂි ග‍්‍රහ මාරු දෙකක් ලග්න හතරකට සුභම සුභයි.

0

සූර්යග‍්‍රහණයත් සමඟ ඉතා වැදගත් සුවිශේෂී ග‍්‍රහ මාරු දෙකක් මේ උදාවන සතියේ සිදුවන්නේය.

පූර්ණ සූර්යයක් ග‍්‍රහණයක් දෙසැම්බර් මස 14 වැනි දින සිදුවන අතර මෙය වෘශ්චික රාශියේ සිදුවන බවත් දෙට නැකැතේ 4 වැනි පාදයේ සිදුවන බවත් ලිත්වල සඳහන් වේ. මෙයට අමතර රවි ග‍්‍රහයා දෙසැම්බර් මස 15 වැනි අඟහරුවාදා රාත‍්‍රියේ මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියේ සිට ධනු රාශියට මාරු වනවා ඇත.

2021 ජනවාරි මස 14වැනි දා තෙක් මාසයක කාලයක් රවි ධනු රාශිගතව ගමන් කරන අතර මෙය කෝණ මාසයක් වශයෙන් ද හඳුන්වනු ලැබේ. කෝණමාසයක් යනු නැකැත් නැති මාසයක් ලෙස හඳුන්වයි. සූර්යග‍්‍රහණයක් යනු සුවිශේෂී සිදුවීමකි. එහෙත් සූර්යග‍්‍රහණයකින් පසුව කිසිම සුබ ඵලයක් බලාපොරොත්තු හැකි නොවන බවද කිව යුතුය.

විශේෂයෙන් මෙම සූර්යග‍්‍රහණය නිසා සංකේතවත් වන ප‍්‍රතිවිපාක වසරක් පුරාවට පවතිනු ඇත. මේ හැර රවි ධනු රාශි ගතවීම කෝණ මාසයක උදාව බව මුලින් සඳහන් කරන ලදී. කෝණ මාසයක ප‍්‍රතිඵල ගැන පහත සඳහන් පැරැුණි කවිය මගින් විස්තර කෙරේ.

කෝණය කන මඟුල් තුලා කාටත් සකි ඵල නොදේවි
පානේ තෙල් ඇතත් තිරය එළිය නොදී අඳුරදේවි
මූණේ සහ ඇෙඟ් සැටියෙන් අසරණකම පෙනීයාවී
හීනයකින් දුටු දේටත් මේ මස තුළ ඵල නොදේවි

මේ කවිය කෝණ මාසය තුළ විවාහ මංගල්‍යය කටයුතු සුබ නැති බව කියයි. තවද නිවාස ආරම්භය සඳහා මුල්ගල් තැබීම ගෙවදීම ආදියට සුබ නොවේ. මේ තත්ත්වය 2021 ජනවාරි මස 15 වැනි දින දක්වාම පවතී. එසේ කළයුතුම නම් ඉතා හොඳ බලවත් සුබ නැකැත් සාදාගත යුතුව තිබේ.

මෙම ග‍්‍රහමාරුවල බලපෑම පිළිබඳව සලකනවිට

ශ‍්‍රී ලංකාව හා ලෝකය පිළිබඳව තත්ත්වය ද සතුටුදායක යැයි කිව හැකි නොවේ. ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්න කේන්ද්‍රයේ ලග්නයෙන් 12 වැන්නේ සෙනසුරු සමඟ ගුරුද ගමන් කරන්නේ නීචවය. මේ නිසා රටේ මුදල් තත්ත්වය ද බොහෝ අහිතකර බලපෑම් එල්ල කරයි. ආදායම් ද පහළ වැටීමට ඉඩ තිබේ. 12 න් කියනු ලබන බන්ධනාගාර හා රෝහල් ආශ‍්‍රිත ගැටලූ දැනටමත් පැනනැඟී තිබේ. සිරකරුවන් පුනරුත්ථාපනය, රෝහල් පවත්වා ගෙනයෑම පිළිබඳව රජයට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවනු ඇත. කෙසේ නමුත් විදේශවල සහයෝගය තරමක් දුරට ලැබෙනු ඇති බවට පෙනේ. දරුවන්ට ශිෂ්‍යයන්ට, වෛiවරුන්ට, පූජ්‍ය පක්‍ෂයට හා අධිකරණ ප‍්‍රධානීන්ට ශුභ නොවේ.

උදාවී ඇති මෙම තත්ත්වයට මුහුණදීම මුළුමහත් ජනතාවගේම වගකීමකි. කවුරු රාජ්‍ය පාලනය කළත් මෙම ග‍්‍රහමාරු සිදුවෙනවාම ය. මේ නිසා මෙම අපල තත්ත්වයන් පාලනය කර ගැනීමට ධර්මානුකූල ජීවිතයක් ගතකිරීම, සෞඛ්‍ය නීති රීති පිළිපැදීම, අරපිරිමැස්මෙන් ජීවත්වීම හා සමගි සම්පන්නව ශක්තිමත්ව හා ධෛර්යමත්ව කි‍්‍රයාකිරීම කාගේත් වගකීමකි.

රවි මාරුව උපන් ලග්න වලට කරන බලපෑම මීළඟට සාකච්ඡුා කරමු.

මේෂ ලග්නය

මේෂ ලග්නය හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබපල දායකයි. පසුගිය දිනවල පැවැති බාධා මඟහැරෙනු ඇත. එහෙත් ලග්නපති වැය ස්ථානයේ ගමන් කරන නිසා වාසනාවට භාග්‍යයට නොව උත්සාහයට මුල්තැනදී ක‍්‍රියාකළයුතු බව පෙනේ. විනෝදය පාලනය කරගන්න. ශරීරයේ පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න.

වෘෂභ ලග්නය

රවි ලග්නයෙන් 8 වැන්නට මාරුවීම තරමක බාධා ඇතිකරන මාසයක් බව පෙනී යයි. ගෘහ ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට අවහිරතා ඇතිවේ. රුධිර ධාවනය හා ඌෂ්ණ අධික රෝගවලින් පෙළෙන්නේ නම් ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න.

මිථුන ලග්නය

7 වැන්නට රවි මාරුව සිදුවේ. විවාහ මංගල කටයුතුවලට සුබ නොවේ. අඹු සැමි සමගිය ආරක්‍ෂාකර ගැනීමට සැලකිලිමත් වෙන්න. ශනි ඒරාෂ්ටක අපල තත්ත්වයක් පවතින නිසා දිනපතා ආගමික වතාවත්වල යෙදීම හා මෛත‍්‍රී භාවනාව කිරීම උසස් ශාන්ති කර්මයකි. සෞඛ්‍ය රැකගන්න.

කටක ලග්නය

රවි මාරුව තවමත් සුබඵල දායකයි. උත්සාහය උනන්දුව ඉහළ යයි. තරගකරුවන් හා සතුරන් පරාජය වේ. සේවක සහයෝගය ලැබේ. ණය මුදලක් ලැබීමට තිබූ බලාපොරොත්තුව ඉටුකරගත හැකි වේ. අසනීපවලින් සුවය ලැබේ. උසස් අයගේ උදවු උපකාර ලැබිය හැකිවේ.

සිංහ ලග්නය

සිංහ හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබයි. අධ්‍යාපන කටයුතුවලට තිබූ උනන්දුව ඉහළ යයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. එහෙත් ඔබ ව්‍යාපාරවල යෙදෙන්නේ නම් මුදල් යෙදවීමේදී දුරදිග බලා කටයුතු කරන්න. විවාහ මංගල කටයුතුවලට එතරම් සුබ නොවේ.

කන්‍යා ලග්නය

ලග්නයෙන් 4 වැන්නට රවි මාරුව සිදුවේ. ගෘහ ජීවිතය ශුභ ඵල දායකයි. ගෙදර වියදම් තරමක් ඉහළ යනවා ඇත. දියුණුවට කරන කටයුතුවලට තරමක් බාධා පවතී. හෘද ආබාධ, රුධිර පීඩනය වැනි රෝග ඇති අය සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න.

තුලා ලග්නය

ඔබේ ලග්නයෙන් 3 වැන්නට රවි මාරුවීම සුබඵල දායකයි. උත්සාහය, ධෛර්ය ඉහළ යයි. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. සහෝදරයකුට සුබඵල දායකයි. ආදායම යහපත් වේ. අසල්වාසීන් සමඟ සුහදතාවය ඇතිවේ. අමනාපකම් දුරුවේ. රාහු දශා තරමක් අපලයි.

වෘශ්චික ලග්නය

දෙවැන්නට රවිගේ පැමිණීම මිශ‍්‍රඵල දායකයි. පවුලේ වියදම් ඉහළ යෑමට ඉඩ තිබේ. වියදම් පාලනය කිරීමට සැලකිලිමත් වෙන්න. තත්ත්වය රැුකගැනීම සඳහා අමතර වියදම් යෙදේ. තැන්පත් මුදලක් පවා වැයවීමට ඉඩ තිබේ. විවාහ සහකරුට සුබයි.

ධනු ලග්නය

ඔබේ ලග්නයට රවිගේ පැමිණීම සිදුවේ. මේ නිසා ගතවූ මාසයට වඩා තරමක සහනදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. සමාජයේ ඇති ගෞරවය හෝ පිළිගැනීම වැඩිවේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. නීතියේ පිහිට ලැබේ. හිසේ ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.

මකර ලග්නය

රවි ඔබේ ලග්නයෙන් 12 වැන්නට පැමිණීම තරමක් බාධා පෙන්වයි. උසස් අය සමඟ කටයුතු කරනවිට දුරදිග බලා කි‍්‍රයා කරන්න. උත්සාහය, උනන්දුව, ධෛර්ය පවතින නිසා බාධා ජයගැනීමට අපහසු නොවේ. ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න. සෞඛ්‍ය රැකගන්න.

කුම්භ ලග්නය

රවි මාරුව සිදුවන්නේ ලග්නයෙන් 11 වැන්නට වීම තරමක් ශුභයි. දියුණුවට කරන කටයුතුවලට උසස් අයගේ උදවු ලැබේ. උසස් අය හඳුනාගැනීමට අවස්ථාව උදාවේ. ආදායම යහපත් වේ. සහෝදරයකුගේ රැුකියා ප‍්‍රශ්නයකට විසඳුමක් ලැබේ. රැුකියා උසස්වීමක් ද අපේක්‍ෂා කළ හැකිය.

මීන ලග්නය

ලග්නයෙන් 10 වැන්නට රවි මාරුවීම බොහෝදුරට සුබයි. රැුකියා ව්‍යාපාර අංශවල උසස් අයගේ උදව් උපකාර ලැබීමට හේතු වේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීමකට ඉඩ තිබේ. සමාජයේ ගෞරවය හා සැලකිලි ලැබේ. බලාපොරොත්තු ඉටුකර ගැනීමට කරුණු යෙදේ. රවි අශුභ ලෙස බලපාන්නේ නම් බුද්ධ පූජා, බෝධි පූජා තබා සූර්ය පිරිත කියන්න. ආලෝක පූජා තබන්න. තැඹිලි තෙල් පහන් දල්වන්න. කොඩි පූජා කරන්න. සිසිල් බීම, තැඹිලි දන් දෙන්න. පූජා සඳහා ඉරිදා දිනය විශේෂයි. කතරගම දෙවියන්ට බාර වෙන්න.

කෑගල්ලේ – සුනිල් කුමාර ගම්ලත් ( Divaina )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here