ඉදිරි මාස 4-5 කොරෝනා වසංගතයේ දරුණුතම කාලය..නිසි පියවර නොගත්තොත් තවත් ලක්ෂ 2කට වඩා මියයනව.

0

ඉදිරි මාස හතරේ සිට හය දක්වා කාලය කොවිඩ් 19 ගෝලීය වසංගතයේ වඩාත් දරුණුතම කාලය වනු ඇති බවට මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල්ගේට්ස් අනතුරු අඟවයි.

කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නතක් නිපදවීම සඳහා ගේට්ස් පදනම මගින් ඩොලර් මිලියන ගණනක් පරිත්‍යාග කර තිබේ.

ඉදිරියේදී ආරක්ෂණ පියවර නොගතහොත් තවත් දෙලක්ෂයකට අධික ජීවිත හානි වීමට ඉඩ ඇති බව බිල්ගේට්ස් පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රජයට පසුව විශාලතම අරමුදලක් එන්නත් සඳහා ලබා දී ඇත්තේ තම ගේට්ස් පදනම බව බිලියනපති ව්‍යාපාරික බිල්ගේට්ස් පවසා ඇත.

මේ නිසා මුව ආවරණ පැළදීම හා ඒවා හුවමාරු කර නොගැනීම මෙන්ම, දුරස්ථභාවය රැකීම වැනි පුරුදු තුලින් එම අතිරේක මරණ වළක්වා ගත හැකි බව බිල්ගේට්ස්ගේ අදහසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here