කොවිඩ් වසංගතයට මුහුණ දීමට රජය සූදානම් නැති බවත් පසුගිය කාලය පුරාම සමාජගත කළ මිත්‍යා විශ්වාස පසුපස රජය සිටින බවත් සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරීන්වරුන්ගේ සංඟමයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා.
පැණි,දුම් මුට්ටි,පැන් මුට්ටි ආදී කිසිදු මිත්‍යාදෘෂ්ඨි දේවල් වලින් වෛරසය පැරදීමට නොහැකි බවත් එය විහිලුවක් බවත් වෛද්‍යවරයා පවසා සිටිනවා.මේ සියලු මිත්‍යාවන් පිටුපස රජය අනිවාර්යයෙන්ම සිටින බවත් ඒ බව ඔප්පු කිරීමට සාක්ෂි තියෙන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා.
කොරෝනා වසංගතය දිගු කාලයක් පැවතීමෙන් ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයින්ට අසීමිතව ලාභ ලබාගැනීමට හැකියාව ඇති නිසා නොයෙකුත් ආකාරයේ මිත්‍යාවන් හරහා ජනතාව මුලා කරමින් සිටින බව වෛද්‍යවරයා පවසා සිටිනවා.සම්පූර්ණ වීඩියෝව පහතින්,