පැණියට දාපු දේවල් හදපු කෙනාවත් දන්නෑ..කිසි කෙනෙක් වඟකීම ගන්නෙත් නෑ..ආයුර්වේද වෛද්‍ය සංඟමයේ සභාපති කියයි

0

මේ දවස්වල රටේ ජනප්‍රියම මාතෘකාව ධම්මික පැණිය.එකපාරටම මාධ්‍ය තුළින් මතු වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහත්තයගෙ කොරෝනා පැණිය මුලු රටේම ජනප්‍රිය වීමත් සමඟ මෙම පැණිය ලබාගැනීමට ජනතාව ධම්මික බණ්ඩාර මහත්තයගෙ කෑගල්ල නිවසට ජනතාව ආවෙ වැළ නොකැඩී.ඊට පස්සෙ පැණිය පාර්ලිමේන්තු ගියා.මැති ඇමතිවරු කතානායකතුමත් හම්බෙලා පැණිය ඊට පස්සෙ නුවර දළදා වදින්න ගියා.ඊට පස්සෙ පැණිය ගියෙ අනුරාධපුරේ.ඒ ජය ශ්‍රී මහා බෝධිය වදින්න.හැබැයි එතනදි පැණිය හදපු ධම්මික බණ්ඩාර මහත්තයටව යට කරගෙන උඩට ආවෙ ධම්මික බණ්ඩාර වෙද මහත්තයට පැණිය හදන්න උගන්නපු කාලි මෑණියො.හැබැයි එතනින් මේ පැණිය ගැන ජනතා මතය බොහෝ සේ වෙනස් උනා.

ඒක වෙනම කතාවක් හැබැයි මේ පැණිය ආයුර්වේද වෛද්‍යවරුන්වත් අනුමත කරපු පැණියක් නෙමේ.මේ පැණියෙ අඩංගු ඖෂධ මොනාද කියල පැණිය හදන ධම්මික බණ්ඩාරවත් දන්නෑලු.ඒක හදනව බලන්න ගිය බලධාරීන් දන්නෙත් නෑලු.පැණිය හදන ගමන් ධම්මික බණ්ඩාර මහත්තයට ආරූඪයෙන් මොනවද දානවලු.මේ හේතු එක්ක මේ පැණිය ගැන වඟකීමක් ගන්න බෑලු.මෙහෙම කියන්නෙ ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංඟමයේ සභාපති ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහත්තය.

ඔහු පවසන පරිදි හිතුමතේ මෙවැනි පැණි හෝ වෙනත් ඖෂධ සමාජ ගත කිරීමට ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය වඟකිවයුතු බවයි.එමෙන්ම මෙවැනි ඖෂධ පානය නිසා කාලයක් ගතවන විට වෙනත් රෝගාබාධ පවා ඇතිවීමට ඉඩ තිබෙන බවද ඔහු සඳහන් කරනවා.එමෙන්ම ඔහු වැඩි දුරටත් පැවසූවේ ධම්මික බණ්ඩාර යනු දේශීය ආයුර්වේද වෛද්‍ය විනාශකිරීමේ කුමන්ත්‍රණයේ එක් ඉත්තෙක් පමණක් බවයි.

කෙසේවෙතත් මේ වනවිට මෙම පැණිය පිලිබදව තවමත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතනවා.නමුත් මේ වනවිට බොහෝ පිරිසක් මෙම පැණිය භාවිතාකර තිබෙනවා.මෙම පැණියෙන් පසු කාලිකව ශරීරයට අහිතකර වූවහොත් පැණි බීපු අයට කාලි මෑණියන්ගෙම පිහිටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here