ධම්මික වෙදමහතා යළි ආවේගයෙන්..ආයුර්වේද සහතිකයත් එපා කියයි..බාස් කෙනෙක් නිසා ඖෂධයට කෙනෙහිලිකම් කරන්නත් එපා කි‍යයි.

0

කොරෝනා වෛරසය විනාශ කළ හැකි යැයි දේශීය පැණියක් නිශ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාට ආයුර්වේද ඖෂධාගාරයක් විවෘත කිරීමට අද අවසර හිමිවිය.කෙසේවෙතත් ධම්මික බණ්ඩාර වෙදමහතා එය ඒ ප්‍රතික්ෂේප කර තිබේ.

ඊට අදාල සහතිකය ආයුර්වේද සූත්‍ර කමිටුව විසින් ධම්මික බණ්ඩාර මහතාට ලබා දුන් අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.ඔහු පවසන්නේ තමා ලෝකවාසීන් කොරෝනා වෛරසයෙන් බේරාගැනීමට නිශ්පාදනය කළ ඖෂධයට අවසර නැත්තන් වෙනත් ඖෂධාගාර අනවශ්‍ය බවයි.

තමන් මෙපමණ කලක් තම ඖෂධය පරීක්ෂා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සියලු සහය ලබාදුන් බවත් දැන් මෙලෙස අවශ්‍ය ඖෂධයට ඉඩ නොදී වෙනත් දේවල් පැවසීම කණගාටුවට කරුණක් බවද ඔහු පවසා සිටියේය.

මෙපමණ කලක් තමාගෙන් මෙම ඖෂධය ලබාගත් ජනතාව කොරෝනා වෛරසයට බියක් නොමැතිව සිටින බවද මෙහිදී කියා සිටියා.තමන් මෙපමණ දුරක් රැගෙන නොයැවිත් එදාම මෙය ප්‍රතික්ෂේප කළේනම් තමාගෙ මුදල් කාලය සියල්ල ඉතිරිවන බවද ධම්මික බණ්ඩාර වෙදමහතා චෝදනා කරන සිටිනවා.

තමාගෙ ඖෂධට නිග්‍රහ කරන්නේ තමා බාස් කෙනෙක් නිසා බවද ඔහු ආවේගයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.තමන්ට ලබාදෙන්නේනම් අවශ්‍ය රෝගය සුවපත් කිරීමට සහතිකය ලබාදෙන ලෙසත් නොමැතිනම් වෙන කිසිදු සහතිකයක් තමන් භාර නොගන්නා බවත් ධම්මික බණ්ඩාර වෙද මහතා පැමිණි ආයුර්වේද සූත්‍ර කමිටුවේ නිළධාරීන්ට පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here