රැකියා සොයන තරුණ තරුණියන්ට පණිවිඩයක්..මෙවැනි අයගෙන් ප්‍රවේශම් වෙන්න.

0

ASEC හොර ගුහාව ගැන ඔබ දැනුවත්ද?

හොරුත් දැක්කා. මේ වගේ හොරුත් නොදැක්කා. රැකියා සොයන අහිංසක තරුණ තරුණියන් රවටන ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු ආරංචි වී තිබේ. පහත සිටිනා පුද්ගලයන් දෙදෙනා මේ වංචාවේ මුල් පුද්ගලයන් වේ. (Sachintha Nimsara (Sachi)-දකුණු පස, Rumesh Munasinghe-වම්පස)

මුලින්ම මොවුන් රැකියා පිළිබඳව තොරතුරු ලබා දෙන වෙබ් අඩවි වල ඉතා ඉහළ රැකියා අවස්ථා වගේම ඉහළ මාසික වේතනයක් ලබා දෙන බවට ප්‍රචාරයනය කරනු ලබයි. ඉන්පසුව එම රැකියා අවස්ථා සඳහා කතා කරන තරැණ තරැණියන්ට පවසන්නේ එම රැකියාව ලබා දෙන බවත් ඒ සඳහා ASEC Certification එක අනිවාර්ය බවත්ය. එමෙන්ම ඔවුන් පවසන්නේ Google කර ASEC Contact no එක ලබා ගන්න යැයි කියාය.

පසුව මෙහි රසවත්ම කොටස පටන් ගනී. ඇත්තටම මෙ⁣හිදි ASEC Certification එකට කතා කරන අයට සිදුවනුයේ රුපියල් 35,000 ක් කිසිදු වටිනාකමක් නොමැති ආයතනයකට ලබා දීමයි.

එහිදී මෙම ජාවාරම්කරුවන් ASEC Certification එක සඳහා විභාගයක් පවත්වන අතර කිසිදු පුද්ගලයෙකු මෙම විභාගයෙන් සමත් වන්නේ නැත. එය බොරු විභාගයකි. එහිදි සිදුවන එකම දෙය අහිංසක තරුණ තරුණියන්ගේ රුපියල් 35,000 ක මුදලක් කඩා ගැනීමයි.

අවසානයේ රැකියා ප්‍රචාරය කරන්නෙත්, සහතික ලබාදෙන්නෙත් මෙම ජාවාරම්කරුවන් දෙන්නාය. මේ වන විට මොවුන් පිළිබඳව සහ මොවුන් හා සම්බන්ධ ආයතන පිළිබඳව එළි වෙමින් පවතින බව ආරංචි මාර්ග වලින් පැහැදිලි වෙමින් පවතී.

ඇත්ත වශයෙන් රැකියා සිහිනය යනු තරුණ තරුණියන්ගෙ දැවෙන ප්‍රශ්නයකි. එහෙයින් මෙවැනි පල් හොරුන්ට රැවටීම අරුමයක් නැත. එහෙයින් මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳව අධ්‍යාපන කොමිෂන් සභා සහ වගකිවයුතු ආයතන අවධානය ලබා දිය යුතුයි.

නමුත් පලමුවෙන් අවශ්‍ය වන්නේ මෙවැනි පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් මෙවැනි ජාවාරමක් කල හැකිද? මේ පසු පස සිටින මිනිසුන් ගැනද එලි කල යුතුය. ලංකාවේ බොහොමයක් තරුණ පරපුර නොදැනුවත්වකම නිසා මෙවැනි පුද්ගලයන්ට හසු වී තමන්ගේ මුදල් හා කාලය නාස්ති කර ගනී.

රැකියාවක් සොයන තරුණ තරුණියන්ගෙන් මෙවැනි විදිහට සල්ලි කඩා ගන්නා මෙම කපටියන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක වනතුරු හැමෝටම දැනගන්න මෙය හැකිතාක් ෂෙයාර් කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here