ආසාදිතයන්ගේ මළ මුත්‍ර මුසු වූ අප ජලයේ කොවිඩ් වයිරසය දින 17ක් සක්‍රීයයි.

0

කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ මළ මුත්‍ර අප ජලයට මුසු වී ඇත්නම් එම වයිරසයට දින 17ක් පමණ කාලයක් නොනැසී පැවැතිය හැකි බව ඔක්ස්ෆර්ඩ් සරසවිය පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මහාචාර්ය වී. ජෙෆර්සන් සහ ආචාර්ය කාල් හෙනගන් පෙන්වා දෙති.

එම පර්යේෂණයේ අරමුණ වී ඇත්තේ අප ජලය වැරදි ලෙස කළමනාකරණය කිරීම​ හේතුවෙන් SARS-COV-2 හෙවත් කොවිඩ් 19 වයිරසය පැතිර යා හැකි බව අනාවරණය කිරීමයි.
අපජලය ප්‍රමාණවත් ලෙස පිරිපහදු නොකළහොත් වයිරසය ඉතා පහසුවෙන් ජලය මගින් ව්‍යාප්ත විය හැකි බව එම පර්යේෂකයෝ පෙන්වා දෙති. රටවල් 39කින් ලබාගත් දත්ත පදනම් කරගනිමින් සිදුකර ඇති මෙම පර්යේෂණයට අනුව රෝගීන්ගේ මළ අඩංගු අපජලය දින 17ක කාලයක් කොවිඩ් 19 වයිරසයට සජීවීව පැවැතිය හැකිය. නමුත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවීමේදී ක්‍රමයෙන් වයිරසයේ සජීවීභාවය අඩුවී යන බව සොයාගෙන ඇත.

පෞද්ගලික ජල මූලාශ්‍රවලින් (ළිං) ජලය ලබාගන්නා සමාජ කොට්ඨාස අතර අවදානම අඩු නමුත් පොදු ජල මාර්ග සහ පොදු මළ අපවහන පද්ධති ක්‍රියාත්මක සමාජ කොට්ඨාස තුළ වයිරසය පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බවත් මෙම පර්‌යේෂකයෝ පෙන්වා දෙති.

( නයන තරංග ගමගේ – අරුණ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here