ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යන හමුදා නිලධාරින් 59කට එරෙහිව ජාත්‍යන්තර ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස බි්රතාන්යයේ එල්.ටී.ටී.E හිතවාදී සංවිධාන 250 ක් අගමැති බොරිස් ජොන්සන් වෙතින් ඉල්ලා ඇත.
මේ ඉල්ලීම කරමින් එම සංවිධාන හදිසි සංදේශයක් ද ඔහුට ඉදිරිපත් කර තිබේ. මෙම ඉල්ලීම කර ඇති සංවිධාන අතර ද්‍රවිඩ සන්ධානයේ සහ ටෙලෝ සංවිධානයේ බි්රතාන්ය ශාඛාවක් ද වෙයි.
පසුගිය යහපාලන රජය තහනම ඉවත් කළ බි්රතාන්ය එල්.ටී.ටී.E හිතවාදී සංවිධාන කීපයක් ද එම ඉල්ලීමට දායක වී ඇත. මේ අතර ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව මෙලෙස චෝදනා එල්ල කළ මුල් වතාව මෙය බවයි.