රා කර්මාන්තයට මහත්වරු එක්වෙයි..උපාධිධාරීන් තිදෙනෙක් ඉල්ලුම් කරයි..මාසික වැටුප 150,000යි

0

පොල් රා කර්මා­න්තයේ රා මදින මහ­ත්වරු සඳහා මස­කට රුපි­යල් 150,000ක වැටු­පක් සහිත පැකේ­ජ­යක් ශ්‍රි ලංකාව තුළ­දිම… මෙය ඇදහිය හැකිද? එහෙත් එය සත්‍යයකි. ජනවාරි 13 පුවත්පතක එසේ දැන්වීමක් පළවිය. පොල් රා කර්මා­න්තයේ රා මදින්නන් සඳහා ගෙවන මුලික වැටුප රුපි­යල් 20,000කි. සේවයට වාර්තා කිරීමේ දීම­නාව රුපි­යල් 5,000කි. රා ලීට­ය­ර­යක් සඳහා දීම­නාව 26.50වාර්ෂික ජිවි­තා­ර­ක්ෂ­ණය රුපි­යල් 5,000කි. සිය­ලුම වැටු­ප්ව­ලට අදා­ළව සේවක ආර්ථ­සා­ධක අර­මු­දල් ගෙවනු ලැබේ. මතින් සුදු­වෙන් තොර අවංක අවු­රුදු 21 35ත් අතර ජව­ස­ම්පන්න උද්යෝ­ගි­මත් කැප­වී­මෙන් ජිවි­තය සාර්ථක කර­ගැ­නී­මට අවශ්‍ය පුහුණු නුපු­හුණු පිරි­සක් අව­ශ්‍යව ඇත. නුපු­හුණු අය සඳහා පුහු­ණු­වක් ලබා දෙනු ඇති අතර මාස 03-06 අතර අවම වැටුප් සහිත පුහුණු පාඨ­මා­ලා­ව­කින් පසුව රැකියා සඳහා බඳවා ගනු ලබන බව පුද්ග­ලික සමා­ග­මක් මඟින් එහි තවදුරටත් සඳහන් ව තිබුණි.

රජයේ රැකියා හා පුද්ග­ලික ආය­තන සඳහා පුර­ප්පාඩු ඇතිවූ විට මෙවැනි දැන්වීම් පුව­ත්ප­ත්වල පළ­වනු අපි ඕනෑ­ත­රම් දැක ඇත්තෙමු. එහෙත් රා මදින මහ­ත්වරු බඳවා ගැනීම පිළි­බඳ මෙවැනි දැන්වී­මක් මා නම් දැක ඇත්තේ ජීවි­තයේ පළමු වතා­ව­ටය. මෙකී දැන්වීම අනුව පෙනී යන්නේ ඉදි­රියේ දී රා මදින මහ­ත්ව­රුන්ට ද හොඳ කල­ද­සා­වක් උදා වන බවය. ඒ විත­රක් නොව පොල් රා මදින මහ­ත්ව­රුන්ගේ රැකි­යාව ඉදි­රියේ දි විශේෂ ශ්‍රේණියේ රැකි­යා­වක් බවට පත්වනු ඇත. පොල් රා මදි­න්නන්ට පම­ණක් නොව මේ සම්බන්ධ උන­න්දු­වක් දක්වන රැකියා විර­හිත ජව­ස­ම්පන්න තරු­ණ­යන්ට ද සේවක ආර්ථ­සා­ධක අර­මු­දල් සහි­තව රැකි­යා­වක් ලබා­ගැ­නී­මට අව­ස්ථාව උදාවී ඇත්තේය.

කාලයකට ඉහත පොල් රා මැදීම යනු දරි­ද්‍ර­තා­ව­යෙන් පෙලෙන අයගේ රැකි­යා­වකි. කොටින්ම කිව­හොත් රා මදින මහ­ත්වරු මෙම වෘත්තිය ස්වයං රැකි­යා­වක් ලෙස කර­ගෙන යන අතර; එය වෘත්තී­ය­මය තත්ත්ව­යට පත්ව නොති­බුණි. ඒ විත­රක් නොව මෙකී රැකි­යාව සඳහා නිසි ඇග­යී­මක්ද හිමි නොවීය. කෙත­රම් පුහුණු කළ ද රා මදි­න්නන්ගේ හිඟ­යක් දක්නට තිබේ. අනික් කාර­ණය වන්නේ තරු­ණ­යන් ගස් නැඟී­මට ඇති අක­මැ­ත්තය.

සැබ­වින්ම රා මැදිමේ කර්මා­න්තයේ නිරත වීම සඳහා හොඳ ජව­යක් තිබිය යුතුය. මෙය ඉතා වෙහෙ­ස­කර රැකි­යා­වකි. දින­කට දෙව­තා­වක් පොල්ග­සට නැගිය යුතුය. ඒ විත­රක් නොව මෙය අනා­ර­ක්ෂිත රැකි­යා­වකි. වර්ෂය පුරාම රා මැදී­මට නොහැ­කිය. ගස් නැගිමේ දි ශරි­ර­යට දුඟ­දක් ආරෝ­ප­නය වෙයි. ගස් ගඳට කවු­රුත් කැමති නැත. සැබ­වින්ම මෙය වංස­ක්කා­ර­යින් විසින් එකී කර්මා­න්තයේ නිර­ත­වු­වන්ට අප­හාස කිරීම සඳහා භාවිත කරන යෙදු­මකි. රා වෙළ­දාමේ පව­තින ගැටලු ආදි නොයෙ­කුත් හේතු නිසා මේ වන­විට රා මැදීමේ කර්මා­න්තය අභා­ව­යට යමින් පව­තින කර්මා­න්ත­යක් බවට පත්ව ඇත්තේය. කෙසේ­වු­වද මෙකි සමා­ගම මඟින් පළ කළ දැන්වී­මට අනුව රා මැදීමේ කර්මා­න්තය ආක­ර්ෂ­ණිය කර්මා­න්ත­යක් බවට පත් කි­රීමට සැල­සුම් කොට ඇති බවක් පෙනෙ­න්නට තිබේ. රජයේ සේව­ක­යින්ට පුද්ග­ලික කර්මා­න්ත­ශා­ලා­වල සේවය කරන සේව­ක­යන්ට නොයෙ­කුත් වර­ප්‍ර­සාද වාර්ෂික වැටුප් වැඩි­විම ,බෝනස් ආදිය හිමි වේ.

එහෙත් මෙම දැන්වීම පළ­කොට ඇති සමා­ගම විසින් රා මැදිමේ නිරත මහ­ත්වරු සඳහා මස­කට රුපි­යල් 1.50000ක වැටු­පක් සහිත පැකේ­ජ­යක් හඳුන්වා දී ඇත්තේය. සැබ­වින්ම මෙය එක අත­කින් විශ්මය දන­වන සිද්ධි­යකි. ස්වයං රැකි­යා­වක් වශ­යෙන් වත්තේ ඇති ගසක් දෙකක් මැද රා බෝතල් තුන හත­රක් නැති­නම් පැණි බෝත­ල­යක් අලෙ­වි­කොට දිව­ගැට ගසා­ගන්නා අයට මෙය ගජ වාසි­යකි.

මෙකී පුද්ග­ලික සමා­ගම සඳ­හන් කරන ආකා­ර­යට මස­කට රුපි­යල් 1.50000ක ආදා­ය­මක් උප­යා­ගත හැකිය. අනික් කාර­ණය රා මදින මහ­ත්වරු වැඩි­දෙ­නෙකු පොල්ගස් බද්ධට ගෙන බදු මුද­ලක් ගෙවා මෙම කර්මා­න්තයේ නිරත වෙති. නැති­නම් පොල්ම­ලෙන් වැහෙන තෙලිජ්ජ එක් දිනක් පොල්ගස් හිමි­යාට ලබා දෙන අතර අනික් දින රා මදින අයට ලබා දෙයි. ඒ විත­රක් නොව මින් වැඩි­දෙ­නෙකු රා බෝතල් හය හතක් නිෂ්පා­ද­නය කොට තම ගනු­දෙ­නු­ක­රු­වන්ට අලෙවි කරති. ඇතැම් අව­ස්ථා­ව­ලදි මහා­ප­රි­මා­ණ­යෙන් රා කර්මා­න්තයේ නිරත නොවන මෙවැනි පුද්ග­ල­යින් සුරා­බදු මහ­ත්ව­රුන්ට මාසි­කව නඩු­වක් ලබා­දිය යුතුය. රා කර්මා­න්තය සාර්ථක කර­ගැ­නී­මට පොල්ගස් මැදිමේ තාක්ෂ­ණය පොල්ගස මුදු­නට ගෙන යා යුතුය. පුහු­ණුව ලබා­දිය හැක්කේ පොල්ගස මුදුනේ මිස මහ­පො­ළවේ දි නොවේ. මීට වසර ගණ­නා­ව­කට පෙර පොල් රා මදි­න්නන් පොල් පර්යේ­ෂණ ආය­ත­නය මඟින් පුහුණු කරණු ලැබීය. ඒ කොයි­හැ­ටි­ වු­වද අපේ රටේ රා කර්මා­න්ත­යට ඇත්තේ දිගු ඉති­හා­ස­යකි. මුහු­දු­ක­රය ආශ්‍රි­තව සහ පොල් ත්‍රිකෝ­ණය ආශ්‍රි­තව රා කර්මා­න්තය ජය­ටම සිදු වේ.

මුහු­දු­ක­රය ආශ්‍රි­තව පදිංචි පිරිමි පුද්ග­ල­යින් එකල සිය කායික වෙහෙස හා පවස නිවා­ල­න්නට රා පානය කළහ. සැබ­වින්ම පොල් මලෙන් වැස්සෙන තෙලි­දිය සිනි­ව­ලින් පම­ණක් නොව පොටැ­සි­යම් වැනි ලවන වලින්ද පොහො­සත්ය. මුහුද ආශ්‍රිත ලුණු ගතිය මිශ්‍ර කටුක උෂ්ණ­ත්වය නිසා ශරි­ර­යෙන් දහ­ඩිය සමග පිට­වන ඛණිජ ද්‍රව්‍ය මි රා හා රා වැනි පාන­යන් තුලින් නැවත ශරි­ර­යට ලබා දෙයි.

ඉංග්‍රිසි යුගයේ දී අරක්කු හා රා රේන්දය නිසා රජ­යට නිත්‍ය ආදා­ය­මක් හිමි­ විය. රා රේන්දය නිසා ආදා­යම් ඉපයු ස්වදේ­ශි­ක­යින් පොල්ව­ගාව ව්‍යාප්ත කිරි­මට මුල් වූහ. එකල මුඩු­බිම් පනත යටතේ රජය සතු වු ඉඩම් වගාව සඳහා වෙන් කිරිමේ දී එවා අත්ප­ත්ක­ර­ගත් ස්වදේ­ශික ධන­ව­තුන් පොල් වැවූහ.

එකල අපේ පැරැන්නෝ ගස­කින් බාගත් රා පොල්ක­ට්ටක් පානය කිරි­මට පුරු­දුව සිටි­යහ. ඒ විත­රක් නොව ඇත­මුන් දරු­වන්ගේ පණු­ගා­යට රා හැන්දක් දීමට පුරු­දුව සිටි­යහ. ඇතැම් දේශීය බෙහෙත් වර්ග සඳ­හාද රා අවශ්‍ය වේ. එකල ආප්ප සැදී­මට නම් රා මණ්ඩි නැති­වම බැරි­විය. කෙසේ­ වු­වද නොයෙ­කුත් ක්‍රියා­කා­ර­කම් නිසා වර්ත­මා­නයේ රාවල ඇති ප්‍රමි­තිය පිළි­බඳ ගැටලු ඇති වී තිබේ.

රා මදින මහ­ත්වරු සඳහා මෙකී පුද්ග­ලික සමා­ගම විසින් ලබාදී ඇති මේ ගජ­වා­සිය පිළි­බඳ රා මදි­න්නන් තව­මත් හරි­හැටි දැනු­වත් වී නැත. තෙල්වත්ත මල්වැන්නේ පදිංචි සංකද සිල්වා (53) දැනට වසර 15ක පොල් රා මැදීමේ කර්මා­න්තයේ නිරත අයෙකි. ඔහු මේ අපිට කී කතා­වය.

ඒ කාලයේ මල්වැන්න ගමේ රා මැදපු අය 15ක් විතර හිටියා. දැන් නම් මේ ගමේ රා මදින්නේ මම විත­රයි. ඒ කාලයේ මමත් අපේ වත්තේ පොල්ගස් දහ පහ­ළො­වක් මැද්දා; දැන්නම් පොල්ගස් 03ක් විතර තමයි මදින්නේ. ඇගේ හයි ශක්තිය තියෙ­න­කම් තමයි මේ කර්මා­න්තය කරන්න පුළු­වන්. රා ටිකක් විකු­ණලා තමයි දැන් කීයක් හරි හොයා ගන්නේ. පැණි බෝත­ල­යක් හදා ගන්න තෙලි­දිය බෝතල් 05ක් විතර අවශ්‍ය වෙනවා. පැණි උණු­ක­රන්න දර අවශ්‍ය වෙනවා. මහ­න්සිය දිහා බැලු­විට පැණි උණු­කි­රිම පාඩුයි. උදේ හව­සට පොල් මල කපන්න ඕන; උදේට විත­රයි තෙලි­දිය බාන්නේ. මුහුදු සුළං අල්ලන කාල­යට තමයි වැඩි­යෙන් තෙල්දිය බාන්නේ.

ඇත්තෙන්ම පාර­ම්පා­රික කර්මා­න්ත­යක් වන රා කර්මා­න්තය දැන් අභා­ව­යට යමින් පව­තින කර්මා­න්ත­යක් බවට පත්වෙලා. රා මදින්න අලු­තෙන් තරු­ණ­යන් එන්නේ නැහැ. මේ සඳහා කැමති තරු­ණ­යින්ට පුහු­ණු­වක් දීලා හොඳ වැටු­පක් දුන්නොත් තරු­ණ­යන් මේ කර්මා­න්ත­යට යොමු වේවි; ඔහු කියයි.

කටු­දම්පේ ගල­බෝඩ පදිංචි එම් ඩබ්ලිව් සිරිල් (65) රා මැදිමේ පළ­පු­රුදු කාර­යෙකි. ඔහු අපි සමඟ කිවේ මෙවැනි කතා­වකි.

මුලින්ම මම රා මදින්න පට­න්ගත්තේ මැති­ණි­යගේ ආණ්ඩු­කා­ලයේදි. ඒ කාලයේ සීනි හිඟ­යක් තිබුණා. මේ නිසා පොල්ගස් මදින්න බල­ප­ත්‍ර­යක් දුන්නා. ගම්මු­ලා­දෑණි මහ­ත්තයා ඇවිත් තමයි බල­ප­ත්‍රය දුන්නේ. එක් ගස­කට අය කළේ රුපි­යල් 5ක මුද­ලක්. ඒ කාලයේ මම ගස් දහ පහ­ළො­වක් මැද්දා; පැණි හදලා විකු­ණුවා. ඒ කාලයේ පැණි බෝත­ලක් රුපි­යල් 06ට තමයි විකු­ණුවේ. ඒ කාලයේ හැම­ගෙ­ද­ර­කම පාහේ පොල් ගසක දෙකක් මැද්දා. දැනුත් මම පොල්ගස් දෙකක් මදි­නවා.

රා මැදිම එත­රම් පහ­සු­ කා­රි­යක් නොවයි. ඒ ශාස්ත්‍රය හරි­යට ඉගෙන ගන්න ඕන. අත්ගු­ණ­යත් තියෙන්න ඕන. පොල් ගසේ දෙවැනි මල තමයි මදින්නේ. දින 03ක් තලන්න ඕන. දිය­තෙල් වැහෙන්න දින 14ක් විත­රක් යනවා. ගස්වල හැටි­යට තමයි තෙල්දිය වැහෙන්නේ. දැන් නම් ඉතින් රා ටිකක් පෙරාගෙන. පැණි ටික­කුත් විකුණා ගන්නවා.

තරුණ පිරිස් දැන් මේ කර්මා­න්ත­යට යොමු­වන්නේ නැහැ. නමුත් ඔය සමා­ගම කියන විදි­යට හොඳ වැටු­පක් දිලා බඳ­වා­ ග­ත­හොත් ගම්වල ඉන්න තරු­ණ­යන් මේ කර්මා­න්ත­යට යොමු වේවි. 2015 වර්ෂය වෙන­කම් සිරි­ක­දු­ර­වත්තේ රා මැද්දා.

ශ්‍රමි­ක­යින් විශාල පිරි­සක් හිටියා; ස්කාගාර සංස්ථා­වට තමයි රා දුන්නේ. ඉන්දි­යා­වෙන් දෙදෙ­නෙක් ඇවිත් රා මැද්දා යැයි සිරිල් කිවේය. ගල­බො­ඩ­වත්ත කටු­දම්පේ පදිංචි පි එච් අනුර නිශාන්ත (44) මෙසේ කිවේය.

දැනට වසර 02ක සිට පොල් රා මදි­නවා. මලෙන් වැසෙන්නේ රා පොඩි ප්‍රමා­ණ­යක්. ඒවා විනා­කි­රි­ව­ලට දෙනවා. සමහරු පෙරේත තටු­ව­ලට ගෙනි­ය­න්නත් රා හොයා­ගෙන එනවා, අනුර නිශාන්ත කිවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here