දේව බලයෙන් වික්ටර් රත්නායක සුව කිරීම අමු බොරුවක්.

0

ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ ගායකයෙකු වන වික්ටර් රත්නායක මහතා ගීත ගායනය කළ නොහැකිව කටහඬ අහිමිව සිටි බවත් දේව ආශිර්වාදයෙන් ඔහුට යළි කටහඬ ලබාදී වේදිකාවල පවා ගීත ගායනා කළ හැකි මට්ටමට පත් කළ බවත් එක්තරා ආගමික නිකායක් හා ඔවුන්ගේ අනුගාමිකයන් පිරිසක් විසින් මේ දිනවල ප්‍රචාරය කරමින් පවතී.

මෙය ආගම ප්‍රචාරය කිරීම අරමුණු කරගනිමින් සිදුකරනු රැවටීමක් බවත් ඇය සත්‍යතාවයන් තොර බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි.

විශේෂඥ වෛද්‍ය රූබන් මහතා පවසන්නේ කටහඬ අහිමි වීම නිසා හෝ වෙනස් වීම නිසා හෝ කතා කරන්න බැරිව සිටින අය නැවත කතා කරවන අය ලොව කිසිම තැනකින් වාර්තා නොවන බවයි.දේව හෝ භූත බලයක් මගින් කටහඬ ලබාදිය හැකි යැයි පැවසීම බොරුවක් බවත් තව තම අනුගාමිකයින් පිනවීමටත් තම ආගම ප්‍රචාරය කිරීමටත් ඔවුන් හිතාමතා වංචාවන් සිදුකරන බවත් වෛද්‍යවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය කටහඬ අහිමි වීමට කායික සාධක වගේම මානසික හේතුන් බලපානවා විශේෂයෙන්ම මානසික ගැටලුවක සිටින විට කටහඬ පිළිබඳ අධික බලාපොරොත්තුවක් ඇතිව සිටින විට කායික ප්‍රශ්නයක් නැතිව හෝ තිබෙන ප්‍රශ්නයට අමතරව මානසිකව කටහඬ නැතිව යා හැකියි.වික්ටර් රත්නායක කියන්නේ මේ වන විට වයෝවෘද්ධව සිටින ගායකයෙක්.එතුමාට මීට පෙර ගායනා කළ ආකාරයට ගායනා කිරීමේ හැකියාවක් නොමැතිවීම ඔහුගේ කටහඬ තීව්‍රතාවය අහිමි වීම ස්වභාවික ක්‍රියාවලියක්.ඔහුට කටහඬ නැතිව යන්නේ psychological aphonia කියන හේතුව නිසයි.

වෛද්‍යවරයා පවසන්නේ ආගමික නිකායන් ප්‍රචාරය කරන්න බලාපොරොත්තු වන ඇතැම් පුද්ගලයන් සහ මිත්‍යා දේව හා භූත විශ්වාසයන් පිළිබඳව පිළිබඳව මතවාදයන් හි එල්බ ගෙන සිටින පුද්ගලයින් මෙවැනි අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ ගන්නා බවයි.

ඔවුහු මෙවැනි පුද්ගලයන් සොයාගෙන විශේෂ ස්ථානයකට ගෙන විත් සිතට මානසික ඇනවුමක් ලබාදෙති.සුව වේවා කියන මානසික ප්‍රාර්ථනය ගැඹුරින් සිතට කාවද්දා යම් සුවයක් ලැබුණේ දැයි විමසූ විට සුවය අපේක්ෂා කළ පුද්ගලයා තමන්ට ලැබුණු මානසික ඇනවුම් අනුව තමන්ට සුවය ලැබී ඇති බව පවසයි මෙම දේව බලයක් හෝ භූත බලයකින් සිදු කරන ක්‍රියාවක් නොවේ රැවටීමකි.සැබැවින්ම එලෙස පුද්ගලයකුට කටහඬ කටහඬ ලබාදිය හැකි යැයි පවසන්නේ නම් එය මහා වංචාවකි.

මෙවැනි ආඥා මඟින් මගින් ලෙඩ සහ විවිධ ආබාධ සුව කරන පිරිස් සමාජයේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන් ඉලක්ක කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී හමුවේ ඔහුට නිරෝගී සුවය නිරෝගී සුවය ලබාදීමට යාඥා කළ බවට ද බවට ද මෙවැනි ආගමික නිකායයන් විසින් ප්‍රචාරය කර තිබුණි.ඔවුන්ගේ ඉලක්කය වන්නේ සමාජය ගෞරවයට හා ආදරයට පාත්‍ර වූ පුද්ගලයන් සුවපත් කළ බව පවසමින් තම ආගම ප්‍රචාරය කරමින් මිත්‍යාව පැතිරවීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here