කොරෝනා බිළිගත් තම මව ගැන සහ අපේ අසරණකම ගැන පුතෙක් ලියූ සංවේදී සටහන

0

400 වෙනි කොරෝනා මරනය අද වාර්තා උනා..ඒ අතර මගේ අම්මත් ඉන්නවා..
ඒ මැරෙන අමාරු වෙන ලෙඩ්ඩු ගැන පොඩි දැනුමක් තියනවා අපිට උන දේ නිසාම..

ඒ මැරෙන මිනිස්සුන්ගෙන් සමහර අයව ජිවත් කරවන්න පුලුවන් වෙන්නත් තිබුනා අපේ රටේ අදාල සෞඛ්‍ය උපකරන තිබුනනම්.ඒත් අපේ අවාසනවට අපේ රටේ එහෙම උපකරන නෑ.. මට හිතෙන විදියට මැරෙන කෙනා මැරෙයි ජිවත් වෙන කෙනා ජිවත් වෙයි.. කියන තියරියෙන් දැන් මේක යන්නෙ.

දැන් අවුරුද්දක් වෙනවා මේ ලෙඩේ ඇවිලා මේකට අදාල වෙන සෞඛ්‍ය උපකරන ටික රෝහල් වල්ට තවම දීගන්න බැරිවෙලා තියනව කියන එකෙන්ම පේනවා අපි මොන තරම් බංකොලොත් රටක්ද කියලා.

සෞඛ්‍ය අංශ වල වැඩ කරන අපේ යළුවො එයාලගෙ ආරක්ශාවට තියන උපකරනවත් හරියට නැතිව වැඩ කරන හැටි ටිකක් හොයල බැලුවොත් දැනගන්න ලැබෙනවා..

MOH එකෙන් PCR එකක් කලොත් ඒකෙ රිසාල්ට් එන්න දවස් 7ක් විතර යනවා.. එතකොට වෙන්න ඕනි ටික වෙලා ඉවරයි.අපේ හොරණ පන්සලෙන් සල්ලි එකතු කරලා කලුතරට PCR මැශින් එකක් අරගෙන දුන්නා..

ඒක ලක්ශ 80ක් විතර මම හිතන්නෙ..
ලොකු උන් පදින වාහන කෝටි 10ය විතර වෙනවා..

මේක කියවපු උන්ට කියන්න තියෙන්නෙ එක දෙයයි අම්මල තාත්තලාව පරිස්සම් කර ගනිල්ලා.. මොකද මුස්ලින් උන්ගේ මිනී වගේ අපේ අයගේ මිනී ෆ්‍රිජ් වල දාලා තියගන්නෙ නෑ.

පැය කීපයක් ඇතුලත පුච්චලා දානවා.. හරියට මුනක්වත් බලාගන්න දෙන්නෙ නැතිව..

තවත් පුලුවන් උන් ඉන්නවනම් මේ රටින් පලයල්ලා.. ගෙවල් වල මිනිස්සුන්වත් අරගෙනම..මේක දැන් ඉන්න හිතෙන්නේ නැති රටක්.
🙏🙏🙏
ලක්ෂිත දේශාන් සිල්වා ✍️

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here