ගේදොර වැඩ කිරීම වෙනුවෙන් බිරිඳට වන්දි ගෙවන්නැයි සැමියාට නියෝගයක්

0

සිය විවාහ දිවිය සමයේදී “නිවසේ වැඩ කිරීම වෙනුවෙන්” සිය දික්කසාද බිරිඳට වන්දි ගෙවන ලෙස චීනයේ “දික්කසාද අධිකරණයක්” පුද්ගලයෙක්ට නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව එම කාන්තාවට ඩොලර් 7,700ක් වන්දි ලෙස ගෙවන ලෙස අදාළ පුද්ගලයාට විනිසුරුවරයා විසින් නියෝග කර තිබේ.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා විවාදාත්මක ලෙස අදහස් හුවමාරු වෙමින් ඇති අතර ඉන් සමහරෙක් පවසා ඇත්තේ වන්දිය ප්‍රමාණවත් නොවන බවය.

එම නියෝගය නිකුත් කර ඇත්තේ චීනය විසින් නව සිවිල් නීති ක්‍රමවේදයක් හඳුන්වා දීමෙන් අනතුරුවය.

අධිකරණ වාර්තා අනුව චෙං නමින් හැඳින්වෙන එම පුද්ගලයා “වැන්ග්” නමින් හැඳින්වෙන සිය බිරිඳගෙන් දික්කසාදවීම සඳහා පසුගිය වසරේදී නඩුවක් පැවරීය.

ඔවුන් විවාහ වී ඇත්තේ 2015 වසරේදී ය.

මුලදී දික්කසාද වීම කාන්තාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර නමුත් ඇය පසුව ඒ සඳහා මූල්‍යමය වන්දියක් ඉල්ලීය.

ඇය පැවසුවේ “චෙං” කිසිදු දිනෙක නිවසේ වැඩ සඳහා කිසිදු සහායක් නොදුන් බවත් දරුවාගේ වැඩ කිරීමට ද කිසිදු සහායක් නොදුන් බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here