කොරෝනා වලින් මියගිය අගයෙන් 88% අධික බර අය..මුලින්ම එන්නත මහත අයට දෙන්න.

0

කොරෝනා වෛරස් ආසාදනයෙන් ලොවපුරා මියයන පුද්ගලයන්ගෙන් සියයට අසූ අටක්ම ස්ථුලභාවයෙන් (තරබාරු බව) හෝ අධි බරින් පෙළෙන බව හෙළි වී තිබීම නිසා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී හා කොරෝනා මර්දන එන්නත් ලබා දීමේදී ස්ථුලභාවයෙන් පෙළෙන පිරිසට ප‍්‍රමුඛත්වය ලබා දෙන ලෙස ජාත්‍යන්තර ස්ථුලභාවය පිළිබඳ බලමණ්ඩලය ලොව පුරා රටවලින් විශේෂ ඉල්ලීමක් කර ඇති බව ‘‘ද වොෂින්ටන් පෝස්ට්’’ පුවත්පත වාර්තා කර තිබේ.

ලොව පුරා රටවලින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් සියයට 88 ක්ම ජනගහනයෙන් හරි අඩකට වඩා ස්ථුලභාවයෙන් පෙළෙන රටවලින් වාර්තා වී තිබෙන බව පෙන්වා දෙන ජාත්‍යන්තර ස්ථුලභාවය පිළිබඳ බලමණ්ඩලය ස්ථුලභාවයෙන් පෙළෙන පුද්ගලයන්ට කොරෝනා වෛරසය ආසාදනය වූ විට දරුණු සංකූලතා මතු වීම හා මරණයට පත් වීම වැඩි වශයෙන් සිදුවන බව පෙනී ගොස් තිබීම නිසා මෙම ඉල්ලීම සිදුකරන බව අවධාරණය කර සිටී.

ලොව පුරා මෙතෙක් වැඩිම කොරෝනා ආසාදිතයන් හා කොරෝනා මරණ සංඛ්‍යාවන් වාර්තා වී ඇති ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් බහුතරයද ස්ථුලභාවයෙන් පෙළෙන බව අනාවරණය වී ඇති බව බලමණ්ඩලය කියයි.

( දිවයින )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here