හදිසි අනතුරකින් මියගිය තරුණයාට පසුව පණ ඇවිත්.අවමඟුල් කටයුතුත් සූදානම් කරල.

0

ඇඹිලිපිටිය රෝහලට අනතුරක් සිදුවී රැගෙන ගිය තරුණයකු තරුණයෙකු මිය ගොස් ඇති බවට එම රෝහලේ වෛද්‍යවරයකු තීරණය කර තිබියදී තිබිය දීදී ඔහුට පණ ඒමේ පුවතක් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.කිරිඉබ්බන්වැව පදිංචි 18 හැවිරිදි තරුණයකු පසුගිය පස්වැනිදා සෙවනගල සමගිපුර වැලිආර ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපී අනතුරට පත් වී ඇත.මේ අනතුර සිදුවී ඇත්තේ රාත ඇත්තේ රාත්‍රී 9ට පමණ ඒ පිළිබඳව දැනගත් ඔහුගේ යහළුවන් තරුණයා ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට රැගෙන ගොස් ඇත.එහිදී සිහිසුන්ව සිටි තරුණයාට මැෂින් සවිකර වෛද්‍යවරයා මද වේලාවකින් ඔහු මියගොස් ඇති බව පවසා මැෂින් ගලවා සුදු රෙද්දකින් ශරීරය වසා ඇත.

ඉන් පැය දෙකකට පමණ පසු වාට්ටුවට පැමිණි වෙනස් වෛද්‍යවරයෙකු කවුද මැරිල ඉන්නේ යනුවෙන් අසා තරුණයාව වසා තිබූ සුදු රෙද්ද ඔසවා බලා ඇත.එහිදී තරුණයාට පණ ඇති බව ඔහු දැක වහාම යළිත් මැෂින් සවිකර වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට මාරු කර යවා ඇත.

තරුණයා මිය ගිය බවට ඔහුගේ ඥාතීන්ට සහ මවුපියන්ට දන්වා තිබූ නිසා ඔවුන් අවමගුල් කටයුතු සඳහා මඩු සවිකර ප්‍රදේශය භාර ග්‍රාමනිලධාරිනිය දැනුවත් කර සෞඛ්‍ය උපදෙස් ලබාගෙන අවමංගල්‍යය කටයුතු සඳහා සූදානම් කර ඇත.

පසු දින දහවල් වන විට තරුණයා මිය ගොස් නැති බව ඔවුන් දැන ගැනීමත් සමඟ හමපු සඳහා සකසන ලද මඩු ආදියද ඉවත්කර දමා තිබේ.

සෙවනගල – එස්.කුට්ටපිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here